[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු දහමට අනුව සකසුරුවම පුරුදු වෙමු

සම්බුදු දහමට අනුව සකසුරුවම පුරුදු වෙමු

ආර්.යූ.ජී.කේ.එස්.එම්. බණ්ඩාර

සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය නිර්මල ය. පවිත්‍ර ය. මෙම දහම මුලින්, මැදින් අගින් හා විමසා බැලුව ද යහපත් ය. එපමණක් නොව තම තමන් විසින් තම තමන්ගේ නැණ පමණින් වටහා ගෙන එය අවබෝධ කරගත යුතු ය. තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් තුළ මිනිස් සත්වයන් දුකින් මුදවා යහපතෙහි පිහිටුවීමට කටයුතු කර ඇති බව අප දනිමු. ඒ මන්ද යැයි කියහොත් මිනිසුන් වන අපගේ සෑම දෙයක් සඳහා ම අවශ්‍ය උපදෙස් හා විසඳුම් එතුළින් ලබා ගැනීමට හැකිවීම යි. තථාගත අමා මෑණියන් වහන්සේ විවිධ වූ කාරණා සම්බන්ධයෙන් සම්බුදු දේශනාවන් සිදු කොට ඇත. ඒ අනුව බලන කල්හි උපයන ලද මුදල් පරිභෝජනය කළ යුතු ආකාරය පිළිබඳව ද බුදුදහම තුළ මනා ලෙස අවධාරණය කර ඇති බව අපට පෙනී යනු ඇත.

“ඒකෙන භොගෙ භුªඤ්ජෙය්‍ය - ද්විහි කම්මං පයොජයෙ

චතුත්ථං ච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති”

මෙම ගාථාවෙන් අදහස් කරනුයේ ඉතා දුක් මහන්සියෙන් දෑතේ ශක්තිය යොදවා දහඩිය වගුරවා උපයා සපයා ගත් මිල මුදල්, ධනය පරිභෝජනය කළ යුතු ආකාරය සම්බන්ධව යි. මෙලොව මිනිසුන් ලෙස ඉපදෙමින් එදිනෙදා ජීවිතය ගත කිරීමෙහිලා අප කුමන හෝ වෘත්තියක නියැළෙන අතර, එය තුළ රැකියාව කරමින් ධනය උපයන්නේ ද මහත් වූ දුක් මහන්සිවීමෙනි. මෙලෙස අප රැකියාවක් කරමින් උපයා සපයා ගත් ධනය නැත්නම් මිල මුදල් සියල්ල ම වියදම් නො කළ යුතු ය.

ඉහතින් සඳහන් කරන ලද ගාථාවට අනුව උපයන ලද මුදලින් එක් කොටසක් අපගේ භුක්තිය සඳහා නැතිනම් පරිභෝජනය සඳහා යොදාගත යුතු ය. එසේම එයින් තවත් කොටස් දෙකක් අප සිදු කරගෙන යන ව්‍යාපාර වැනි කටයුතු වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීමෙහි ලා යොදා ගැනීම සිදුකළ යුතු ය. එදිනෙදා භුක්තිය සඳහා මෙන් ම කර්මාන්ත නඟාසිටුවීම සඳහා උපයන ලද මුදල් යෙදවූ අතර ම මින් කොටසක් මතු දිනයක නැවත ප්‍රයෝජනයට ගත හැකි පරිදි නිධන් කොට තැබිය යුතු ය, යන්න මේ ගාථාවෙන් මනාව පැහැදිලි වේ. මෙහි නිධන් කර තැබිය යුතු ලෙස අදහස් කරනුයේ අප කරන කියන කර්මාන්තය තුළ හෝ ව්‍යාපාරය තුළ මෙන්ම, අප වෙත ද කුමන හෝ විපතක් සිදු වූ විටක දී ඒ සඳහා වියදම් කිරීමට හා පිළියම් යෙදීමට අප සතුව යම් මුදලක් ඉතිරිව තිබීම අත්‍යවශ්‍ය කරුණක් වන බැවිනි.

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]