[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සඳහිරු මහ සෑ රදුන් වහන්සේ
සේයාරුව - අමිල ප්‍රභාත් වනසිංහ

වඳිම් බැතින් සඳහිරු
තුඟු මහ සෑය

ඉල් අව අටවක පෝය

නොවැම්බර් 27 සෙනසුරාදා පූර්වභාග 05.43 අව අටවක ලබා 28 ඉරිදා පූර්ව භාග 06.00 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය පසුගිය 23 වැනිදා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. එහිදී වසර 30කට ආසන්න කාලයකට පසුව සභාපති හා ලේකම් ධුරය සඳහා නව නා හිමිවරුන් දෙනමක් නිතරගයෙන් තේරී පත් වූහ. ඒ අනුව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි ධුරය හිමි වූයේ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මැලේසියාවේ ෆිනෑන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති, නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමයේ නිර්මාතෘ මාතලේ බලකඩුව පන්සල්තැන්න අනුරුධ අරණ විහාරාධිපති මාතලේ දිස්ත්‍රික් ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ටය. උන්වහන්සේ පසුගිය නිලවරණයෙන් ප්‍රථම වරට උකුවෙල ශාසනාරක්ෂක මණ්ඩල සභාපති ධුරයට හා ප්‍රථම වරට මාතලේ දිස්ත්‍රික් ලේඛකාධිකාරි ධුරයට පත් වූහ.සභාපති ධුරයට පත් වූයේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමිපාණන් ය

අකුසලින් බැහැර වූ සුචරිතවත් ජීවිතයක් ගත කරමු

විවාහයෙන් පසු ඇතැම්විට විවිධ හේතුන් නිසා පවුලේ අගහිඟකම් ඇතිවිය හැකියි. ගෙදරක ඇති අගහිඟකම පියාටත් වඩා මවකගේ හිස අවුල්කරන සුළු ය. අගහිඟකම් ඉදිරි දොරෙන් ඇතුළුවන විට වාසනාව ජනේලයෙන් පැන යන්නේය’යි වියත් කියුමක් ඇත. ධෛර්ය සම්පන්න ව ඉපයීම මෙන්ම අර පිරිමැස්මෙන් කටයුතු කිරීම එයට නිසි පිළියමයි. ගෙවාගත නොහැකි ණය ගැනුම අනුවණ කමෙකි. ‘අප්පිච්චතා’ යනු චාම් බවයි. චාම් බව මදිකමක් සේ සලකා සාඩම්බර සාටෝප ජීවිතයට නූගත්තු පෙළඹෙති. “අප්පකිච්ච” “සල්ලහුකවුත්ති” (සැහැල්ලු පැවතුම) යන කරණීය මෙත්ත සූත්‍රයේ අමා බුදු වදන් සිහිපත් කරගත යුතුයි. ගෘහ පාලනයේ තෝන් ලණුව තිබිය යුත්තේ බිරින්දෑ අත බව බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් කොට ඇත. ඇති පවුල්වල කටයුතු කරන අයුරින් නොව “සකසුරුවමින් අප කටයුතු කරමු’යි ගෙදර භාණ්ඩාගාරික වන මව දරුවනට පැහැදිලි කර දිය යුතුයි. මේ රටේ උසස් ව්‍යාපාරිකයන් , උසස් තනතුරු දරන්නන් දියුණුවේ ඉහළ ට අවුත් සිටින්නේ චාම් බවෙන් අර පිරිමැස්මෙන් දුක ජය ගැනීමෙනි. අමෙරිකාවේ ප්‍රථම ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් නම් මහා පුරුෂයා ලිපේ ගින්දරින් පොත් කියවා පාසල් ගිය බවත් , දුම්රිය තැනූ එංගලන්තයේ ජෝර්ජ් ස්ටීවන්සන් ගවයන් බැලූ ගොපලු කොලුවකු බවත් මව පුතුට කියාදෙන්නේ නම් කොතරම් අගේ ද? එවන් ශ්‍රේෂ්ඨ චරිත කතා පොත් මිලදී ගැන්මට නොව මව්පියන් අද පෙළඹෙන්නේ ජංගම තෙලිබණුවක් දරුවාට ගෙන දීමටයි.

අරපිරිමැස්මෙන් දුක ජය ගන්නා හැටි දරුවන්ට කියා දෙන්න

බෝසතාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවූ සෑ රදුන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයට ම එකම ශාස්තෘන් වහන්සේ වන සේක. උන්වහන්සේ පිරිනිවනට වැඩි ශෝකය, මහාසන්තාපය, පරිදාහය, සංසිඳී ගියේ ශී‍්‍ර දේහයේ ඉතිරි වූ ධාතුන් වහන්සේ නිසා ය.මහා දයානුකම්පා ඇති උන්වහන්සේ පිරිනිවන් පානා මොහොතේ දී ම තමන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ මෙසේ මෙසේ බෙදේවා යි අධිෂ්ඨාන කළ සේක. අබ ඇට තරම්, වී ඇට තරම්, ඊට විශාල ලෙස ධාතුන් වහන්සේ ඉතිරි වූයේ ඒ අධිෂ්ඨානය නිසා ය. අබ ඇටයක් තරම් වූ ධාතුන් වහන්සේ නමකට ශ්‍රද්ධාවෙන් පහන් සිත උපදවාගෙන ගරු බුහුමන් කරන සියලු දෙනා සුගති සැප ලැබුවා මෙන් ම අමා නිවනට පින් රැස් කර ගත්හ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]