[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අකුසලින් බැහැර වූ සුචරිතවත් ජීවිතයක් ගත කරමු

පාසක, උපාසිකා යන සිව් පිරිසෙහි බැලූ බැල්මට පෙනෙන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් වර්ගීකරණයක් කර ඇති බවයි. එහෙත් බුදුදහමෙහි වඩා ඉස්මතු කර ඇත්තේ ස්ත්‍රී පුරුෂ වෙනසට වඩා ගිහි පැවිදි වෙනසයි. ගිහි යනු ගෘහ වාසය කරමින් කම්සැප විඳීමින් නොයෙකුත් කරදර මැද අඹුදරුවන් සමඟ ජීවත්වන පිරිසයි. එම ජීවිතය බුදුදහමේ ඉගැන්වෙන විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට බාධාවක් බව පෙන්වා දී ඇත. පැවිදි යනු ගෘහ වාසයෙන් මිදුණු හෙවත් අභිනිෂ්ක්‍රමණය කළ, ඇඳුමින්, ආහාර සෙවීමෙන්, වාසස්ථානයෙන් ගිහියාට වඩා වෙනස්, සරල ජීවිත පැවතුම් ඇති අල්ප වූ අවශ්‍යතාවයන් සහිත, විමුක්තිය අපේක්ෂාවෙන් දැඩිව පිළිවෙත් පුරණ, පස්කම් සැප අත්හළ, සමාජයීය බෙදීම්වලින් නිදහස් වූ පිරිසකි. ගිහි ගෙය සම්බාධ සහිත ය. කෙලෙස් නමැති රජසින් (දුහුවිල්ලෙන්) අපිරිසුදු වන තැනකි. ගෘහ වාසයෙන් තොර හෙයින් අනගාරික වූ පැවිදි දිවිය එළිමහන මෙන් නිදහස් ය. සැහැල්ලු ය. විවෘත ය. රහසිගත ක්‍රියා නැත. කරදර නැත. පැවිද්දාගේ දිවි පැවැත්ම සඳහා ඇත්තේ සරල අවශ්‍යතා සතරකි. එයද කිසිවකුට බරක් නොවන පරිදි අවම මට්ටමින් සපුරා ගත යුතු ය. ඒවා තර නිස්සය ලෙස හැඳීන්වේ. තමා පැවිදි වූයේ එසේ ජීවත්වීමට බව පැවිද්දා නිතර සිහි කළ යුතු ය. පැවිද්දාගේ බාහිර පෙනුම ද ගිහියාට වඩා වෙනස් ය. පැවිද්දා කෙස් රැවුල් බා ඇත. කසට වර්ණ වූ රෙදි (සිවුරු) හැඳ සිටී. ගෙවල් ඇති ස්වභාවයෙන් ගෙවල් නැති ස්වභාවයට (අනගාරික බවට) පත්වී සිටී. මජ්ක්‍ධිම නිකායේ දන්තභුමි සූත්‍රයේ දී ගිහිගෙයින් නික්ම පූර්ණ කාලීන බඹසර වසන පැවිද්දන් හා මල් ගඳ විලවුන් දරමින් මිල මුදල් පරිහරණය කරමින් අඹුදරුවන්ගේ කරදර මැද ජීවත්වන කාම සම්පත් සොයන ගිහියන් අතර වෙනස හීලෑ කරන ලද ඇතුන්, අසුන්, ගවයන් හා හීලෑ නොකරන ලද වල් ඇතුන්, වල් අසුන්, වල් ගවයන් අතර ඇති වෙනසට සමාන කර දක්වා ඇත. ඒ අනුව පැවිද්දා ශික්ෂණය වූ අයෙකි. ගිහියා ශික්ෂණය කළ යුතු තත්වයක සිටී.


ඉල් අව අටවක පෝය

නොවැම්බර් 27 සෙනසුරාදා පූර්වභාග 05.43 අව අටවක ලබා 28 ඉරිදා පූර්ව භාග 06.00 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]