ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ මැදින් අව අටවක පෝදා, 2021 අප්‍රේල් 04 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදුරදුන් සෝපාකට පිහිට වීම
අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ. ඉරිදා සිල්.
අව අටවක
අප්‍රේල් 04
අමාවක
අප්‍රේල් 11
පුර අටවක
අප්‍රේල් 20
පසළොස්වක
අප්‍රේල් 26
රජ කාලයෙන් පසු ඉදි වන සුවිසල් දාගැබ
තිස් වසරක් තිස්සේ මෙරට පැවැති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූයේ හැත්තෑ දහසකට අධික ජීවිත රටට අහිමි කරමිනි. ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ තරුණ ජීවිත 29,000කට අධික සංඛ්‍යාවක් යුද්ධය වෙනුවෙන් පුද කළ අතර, නිරායුද සිවිල් ජනතාව මෙන්ම බෙදුම්වාදයට යොමු කළ උතුරු හා නැඟෙනහිර ජනතාවගේ ජීවිතද මේ සංඛ්‍යාවට අයත් ය. මෙහිදී විශේෂයෙන් ම අප සඳහන් කළ යුත්තේ රට රැක ගැනීම වෙනුවෙන් මරණය දකිමින් රට බේරා ගැනීම වෙනුවෙන් සටන් වැදුණු රණවිරුවන් ගැනය. ඔවුන් එදා ජීවිත පූජා නොකළා නම් අපට ජීවත්වන්නට රටක් ඉතිරි වන්නේ නැත. යුද ජයග්‍රහණ වෙනුවෙන් අතීත රජ දරුවන් ද වෙහෙර විහාර ඉදි කර තිබේ. ගිරි නිගණ්ඨයා පළවා හැර අභයගිරිය සාදන්නට වළගම්බා රජු කටයුතු කෙළේ ද එවන් එක් සිහි කිරීමක් උදෙසා ය. එළාර රජු පරාජයට පත් කර රට එක්සේසත් කිරීමෙන් අනතුරුව දුටුගැමුණු රජතුමා ද වෙහෙර විහාර රැසක් ඉදි කළේ ය. එවන් අතීත ශ්‍රී විභූතියක් ඇති ශ්‍රී ලංකාවේ මෑත දශක ගණනාවක ඉතිහාසයේ අප මුහුණ දුන් බෙදුම්වාදී යුද්ධය වෙනුවෙන් දිවි පිදූ මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් උදෙසා කළ ගුණ සැලකීම වෙනුවෙන් අතීත ශ්‍රී විභූතියට හිමිකම් කියන අනුරාධපුරයේ ම සුවිසල් දාගැබක් ඉදි කරන්නට සැලසුම් කොට ඇත. ඒ අනුව එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2010 වසරේ නොවැම්බර් 22 වැනිදා ඒ වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කළේ ය. තිස් වසරක යුද්ධය අවසන් වූයේ 2009 වසරේ මැයි මස 19 වැනිදා වන අතර මේ සෑය එම විරුවන්ගේ දිවි පිදීම හා රණක්ෂිතභාවයට පත් වීම වෙනුවෙන් කරන්නා වූ කළ ගුණ සැලකීමක් ලෙස පෙන්වා දිය හැකිය.
ශ්‍රි ලංකාද්විපය තුළ, කලාව,ශිෂ්ටාචාරය,වාරිනිර්මාණ, ගෘහනිර්මාණ,භාෂාව,සාහිත්‍ය,සිරිත් විරිත් ඇතුළු සෑම අංශයකින්ම දියුණු ජනතාවක් බිහිවන්නේ ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍රකර ගෙනය.අනුබුදු මිහිදු මාහිමියන් ඇතුළු පිරිස මෙරටට වැඩම කරමින් ඇදහිලි හා විශ්වාසයන් මත පදනම් ව ජිවත්වු ජන සමාජය නව මඟකට යොමු කරමින් බුදු දහම මෙරට ව්‍යාප්ත කරවූහ.මේ උතුම් ඓතිහාසික පුණ්‍ය භුමිය දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ වන්දනා මානයට පාත්‍ර වන්නේ ද එහෙයිනි. වර්තමානය වනවිට වසර ගණනකට පසුව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන පුද බිමේ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදු වෙමින් පවතී.බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලද අනු බුදු මිහිදු මාහිමියන් වැඩම කරවමින් බුදු දහම රට පුරා ව්‍යාප්ත කළ මේ උතුම් පින්බිමෙහි සංවර්ධන කටයුතු සදහා දායකත්වය දැක්විමට කෘතගුණ දන්නා ජාතියක් ලෙස සියලු දෙනාට අවස්ථාව උදාවී තිබේ. ඓතිහාසික මිහින්තලා රාජ මහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්විමෙන් මේ වනවිට ආරම්භ කර තිබේ.මේ සදහා යුද හමුදාව ,නාවික හමුදාව,ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ශ්‍රමදායකත්වය ලබා දෙයි.
රටේ ජාතියට මෙන්ම ආගමට ජීවයක් දෙන විරුවන් රටට බිහි වන්නේ කලාතුරකිනි. අපේ රටේ මානව ශිෂ්ටාචාරය ගොඩනැගුණේ ම අධිෂ්ඨානශීලි මානවයන්ගෙන් ය. ඒ අතර මහා රාවණ පුවත ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි ය. අදීන සිංහල ජාතික ශිෂ්ටාචාරය සෝබාවත් වූයේ බුදු දහම ලැබීමෙන් ය. ඉන් පසුව දේශීයත්වය ජාතිය හා ආගම වෙනුවෙන් පෙනී සිටි තැනැත්තන් ජාතික විරුවන් සේ ඉතිහාස ගත විය. මහා විජයබාහු, දුටුගැමුණු,පැරකුම් ආදී රජවරුන් ද එම කර්තව්‍යයෙහිම පුරෝගාමී වූහ. පෙර යුගය මෙන්ම මෑත යුගය ද ඉතිහාස ගත වන්නේ රට වෙනුවෙන් පෙනී සිටි ජාතික වීර චරිත තුළිනි. 19 වන සියවස දෙස අධ්‍යනය කිරීමේදී වඩාත් කැපී පෙනෙන චරිත රාශියක් මතු වේ. 1815 බ්‍රිතාන්‍ය යටත් විජිතයට නතුවූ අපේ රට, ජාතිය, ආගම හා මව් බස බේරා ගැනීමේ පුරෝගාමී වූ විශේෂ චරිත අතර වාරියපොළ සුමංගල හිමි, හික්කඩුවේ සුමංගල හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, අනගාරික ධර්මපාල තුමා , සුදුජාතික ඕල්කොට් තුමා ආදි ගිහි පැවිදි චරිත හඳුනාගත හැකි ය. අප කතා නායකයාණෝ රටට, ජාතියට මහා මෙහෙවරක් කළ සිය ගණන් දෑ හිතකාමීන් පිරිවරාගත් ජාතික සටනෙහි වීරයෙකි. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ප්‍රසිද්ධිය නොසෙව්වේ ය. නම්බුව, පදවි, තානාන්තර ගරු නොකළේ ය. රිදවිය යුතු තැන රිදෙව්වේ ය. කිව යුතු දේ කියූ, කළ යුතු දේ කළ මේ මහා දේශ මාමකයාණන් ජාතියට ජීවය සැපයුවේ මාධ්‍ය කලාව තුළිනි. සුදු පාලකයන්ගේ යකඩ සපත්තුවේ හඬ අසා, ගිනි බටයේ හඬ අසා, වැටුණු ජාතිය නඟා සිටුවන්නට ඇප කැප වූ ඩී.ආර්.විජයවර්ධනයන් ක්‍රි.ව. 1886 පෙබරවාරි 16 සේදවත්ත නම් ග්‍රාමයේ උපන්නේ ය.
ධර්ම දේශනාව:
බුදුරජාණන් වහන්සේ ශරීරය පිළිබඳ විනිවිධ දැක විවිධ අයුරින් දේශනා කොට ඇත. ත්‍රිපිටකයේ විවිධ තැන්හි ඒ පිළිබඳ කරුණු ඇතුළත් ව ඇත. වාහනය හා ශරීරය සජීවි අජීවි බවින් වෙනස් වුව ද දෙකෙහි ම ස්වභාවය එක අයුරින් පවතී. ඒ දෙක අතරෙහි සජීව, අජීව බව තිබුණත් බොහෝ දුරට ශරීරය හා වහනය සමාන කිරීමට හේතු සාධක බොහොමයක් ඇත. ශරීරය වනාහි දෙතිස් කුණුප කොටස්වලින් පිරිපුන් එකකි. එවැනි කුනුප කොටස් තිස් දෙකක් පමණ මේ ශරීරය තුළ පවතී. පිළිකුල් භාවනාවේ දී වුව ද ප්‍රගුණ කෙරෙන්නේ එම කොට්ඨාශයන් ය . එම කුණුප කොටස් තුළින් මෙම ශරීරය නිතර ම අපවිත්‍ර වන අතර, ඒ නිසාම නිතර නිතර සුද්ධ පවිත්‍ර කිරීමට ද අවශ්‍ය වේ. දොරටු නවයකින් නිතර ම අපවිත්‍ර දෑ පිටවනු ඇත. උදේට පිපෙන මල සවසට පරවෙනවා සේ මෙම ශරීර කූඩුව ද අනිත්‍ය සිද්ධාන්තයත් සමඟ ම පවතී. උදේට ශරීර කූඩුව පිරිසුදු කොට පාරට, නගරයට වැඩට පළට යන මිනිසා සවසට නැවත අපිරිසිදු වී, දහඩිය දුගදින් නිවසට එනු ඇත. අප අඥානකමින් ශරීරය දෙස බැලීමේ දී රාගාදී සිතිවිලි මතුවුව ද එහි යථා ස්වභාවය විමසා බැලීමේ දී පිළිකුල් භාවනාව කිරීමට තරම් උත්සුක වනු නො අනුමාන ය. බුදුන් වහන්සේ මේ ශරීරය පිළිබඳ දේශනා කොට ඇත්තේ හරියට අසූචි පිරුණු කළයක් විලසිනි. ප්‍රඥාවෙන් බැලීමෙන් පමණක් මෙම ශරීරය නිතර කැඩෙන බිඳෙන හා අපවිත්‍ර වන බව අවබෝධ කර ගත හැකි ය.
යළි පිබිදෙන කූරගල පුදබිම: ‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑයේ’ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය
අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන්
පිරිවෙන
පැවිදි පින්කමක්
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් රචනා කළ ‘අච්ඡරිය මනුස්සෝ’
රන්පලදාගම ශ්‍රී විජිතාරාම විහාරයේ චෛත්‍යයට මුල්ගල තැබීම
කෙලෙස් තවන නූතන යෝගියෝ - 1: “නිවන වඩන - වනගත අරණ”
රන්වැට ශාසනයට පූජාකිරීම
ඉතිරිය»
බුදු දහමෙහි සහනය පතන භෞතික දියුණුවේ අසහනය
වගකීම් විරහිතව භාවිත නොකළ යුතු නිදහස
තුන්පිටකයට පිවිසුමක් - 02: නවාංග සත්ථු ශාසනය
ජීවිතය තීරණය කරන සසර පුරුදු
අටුවා කතාවලින් කියැවෙන ඉපැරැණි ලක්දිව ධර්ම නීතිය
ධර්මය විකෘති කිරීම තථාගතයන් වහන්සේට සිදුකරන අපහාසයක්
අතිපුජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර මහා යතිවරයාණෝ
ඉන්දීය බෞද්ධ පුනරුදය නැවත ඇති කළ අම්බෙඩ්කාර්
දෑයකට උරුම වුණු කප් තුර එයැම හැඟේ
මල් පිපෙන සදහම් අරණ
පුරුදු
පහන් සිතක කවි
ධර්ම ශාස්ත්රාලෝකය දසත විහිදුවාලූ පැල්මඩුල්ල පුරාණ දාගැබ් රාජ මහා විහාරය
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]