[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොසොන් මහා කෞතුකාගාරය

පොසොන් මහා කෞතුකාගාරය

95 වසරක පෞඪ ඉතිහාසය පිළිබිඹු කරන පෙරහරක උරුමය මැයින් ඓතිහාසික පූජාපිටිය පොසොන් මහා කෞතුකාගාරයක් ශ්‍රී පූර්වාරාම පුදබිමේ ස්ථාපිත කර තිබේ.

පොසොන් මහා පෙරහර ආරම්භ කළ 1925 වසරේ සිට වත්මන් යුගය දක්වා පෙරහරේ අතීත හා වත්මන් කතා වස්තුව පෙරහරට සම්බන්ධ අංගවලින් මෙම කෞතුකාගාරය පිළිබිඹු කර තිබීම ඉතා ශ්‍රේෂ්ඨය.

පෙරහර විශේෂාංග තොරතුරු පැරැණි පුස්කොළ පොත්, බෞද්ධ ග්‍රන්ථ රාශියකින් ද, 1967 දී පෙරහරේ සධාතුක කරඬුව වැඩම කර වූ ශ්‍රී දළදා මාළිගාවේ රාජ ඇතාගේ රුව සිතුවම්වල විශාල ඡායාරූපයකින්ද පොසොන් මහා පෙරහරේ පැරැණි වටිනාකම වඩවන පැරැණි පෙරහර කොඩි, ධජ, පතාක, සේසත්, ඇඳුම් ආයිත්තම්, පංචතූරර්ය භාණ්ඩ, රංසිවි ගෙවල්, පෙරහරේ වැඩම වූ අනුබුදු මිහිදු මාහිමිගේ ප්‍රතිමා ඇතුළත්, පෙරහරේ මෙවලම් අංග රාශියකින් යුත් මෙම පොසොන් මහා කෞතුකාගාරය ශ්‍රී පූර්වාරාමයේ බෞද්ධ කෞතුක වස්තුවක් ලෙසද හැඳින්විය හැකි ය.

ඓතිහාසික පූජාපිටිය පොසොන් මහා පෙරහර කෞතුකාගාරය ස්ථාපිත කිරීමට අනුශාසකත්වයෙන් මාර්ග දේශකත්වය ලබාදුන් ශ්‍රී පූර්වාරාමාධිපති පූජ්‍ය උඩකුඹුරේ විමලරතන හිමිපාණන් ප්‍රධාන පෙරහර කමිටුවේ සහ දායක සභාව සිදුකරන ලද මෙම ශාසනික මෙහෙවර ශ්‍රී පූර්වාරාම වංශ කතාවට නව පිටුවක් එකතු කර ඇත.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]