[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

මිදෙල්ලවෙල ශී‍්‍ර පඤ්ඤාතිස්ස මූලික පිරිවෙන

“ ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මා න පරිහායති” යන බුද්ධානුසාසනාව අනුව යමින් දක්ෂිණ දිශාවේ කවදත් ධර්මධර විනයධර මහා ප්‍රාඥයින් ලොවට දායාද කළ මාතර ඓතිහාසික පුරවරයේ තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ මහා විහාරස්ථ ශී‍්‍ර පඤ්ඤාතිස්ස මූලික පිරිවෙන 2001 ජනවාරි 01 වනදා ආරම්භ කරන ලද දිවයිනේ පිරිවෙන් අතුරින් සම්භාව්‍ය ගණයේ මූලික පිරිවෙනකි.

මාතර මහා මන්තින්ද පිරිවෙන් ආධිපත්‍ය හොබවා වදාළ කීර්ති ශේෂභාවෝපගත මාගල්ලාගොඩ ශ්‍රී පඤ්ඤාතිස්ස මාහිමියන් වහන්සේ ශී‍්‍ර නාමයට ගෞරවයක් වනු පිණිස තවත් පිරිවෙන් ආරම්භ කරනු ලැබුවේ වත්මන් පරිවේණාධිපති ධූරය හොබවන මිදෙල්ලවෙල පුරාණ මහා විහාරාධිපති ශාස්ත්‍රපති හක්මන ඥානවිමල හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ ස්වකීය ආචාර්යන් වහන්සේ වන අපවත් වී වදාළ විනයාචාර්ය කැන්දපොල ශී‍්‍ර චමින්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කලක් තිස්සේ සිත් තුළ පැවැති පිරිවෙන ආරම්භ කිරීමේ අදහසක් මල්ඵල ගැන්වූයේ ය.

පිරිවෙන ආරම්භ වී වසර විස්සක් තරම් කෙටි ඉතිහාසයක් වුවද වර්තමානය වන විට, පිරිවෙන ලබා ඇති දියුණුව අති විශාල ය. ඒ පරිවේණාධිපති හිමිපාණන් වහන්සේගේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ පූර්ව කැපවීම ය. මූලික ශ්‍රේණියේ සිට පිරිවෙන් අවසාන ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු කෙරෙන අතර සතිපතා පැවැත්වෙන ධර්ම දේශනා පුහුණු වැඩසටහන් පරිත්‍රාන ධර්ම දේශනා පුහුණුවත් පැවිදි සිසුන්ගේ ආගමික කටයුතු කුසලතාවය ඔප නංවයි. තව ද මාසික ව පැවැත්වෙන වාගර්ථෝදය මහා ශිෂ්‍ය සංගමය මඟින් ගිහි පැවිදි සිසුන්ගේ වාග් කෞෂල්‍ය වැඩි දියුණු කිරීමට මංපෙත් විවර කරයි. එපමණක් ද නොව ලේඛන කුසලතා වැඩි දියුණු කිරිම සඳහා සෑම බදාදා දිනයක ම දිවා හමුව වැඩසටහන කි‍්‍රයාත්මක කරවීම ද , බිත්ති පුවත් පත් නිර්මාණ ලිපි සකස් කිරීම ද , වාර්ෂික සාහිත්‍ය සඟරා එළි දැක්වීම ද ශිෂ්‍ය කාර්ය දර්ශනයේ ප්‍රධාන අංගයක් ගනී. තවද වාර්ෂික සාහිත්‍ය නිර්මාණ සහ ශිෂ්‍ය කුසලතා පිරිවෙන් මට්ටමින් නිවාසාන්තර තරඟාවලිය ලෙසින් උත්කර්ෂවත් අන්දමින් පවත්වා ත්‍යග හා සහතික පත් ප්‍රදානය කිරීම මඟින් සිසුන්ගේ බාහිර දක්ෂතා විදහා පෑමට අවස්ථාවක් ලබා දෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ, දිස්ත්‍රික් මට්ටමින් වාර්ෂික ව පවත්වන අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගාවලිය තුළින් කථික, රචනා, අත් අකුරු, චිත්‍ර, දේශනා, කුසලතා වැනි අංග මඟින් ජයග්‍රහණ රාශියක් ලබා ගන්නා අතර ජාතික මට්ටම දක්වා ද එම දක්ෂතා පවත්වා ගනියි. ඊට සිසුන්ගේ කැපවීම හා ආචාර්ය මණ්ඩලයේ දායකත්වය නිරායාසයෙන් ම ලැබේ. වාර්ෂික පිරිවෙන් අවසාන විභාග ප්‍රතිඵල අතරින් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ස්ථානයකට පත්වන පඤ්ඤාතිස්ස පිරිවෙන ප්‍රඥාවේ ප්‍රතිමූර්තියකි. කෘත්‍යාධිකාරී ධූරය හොබවන ගිරුවාපත්තුව ඇතුළු ගාලු, මාතර , දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මාලිම්බඩ පඤ්ඤාලෝක නාහිමියන්ගේ පරිපාලනත්වයෙන් හා පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන ඥානවිමල හිමිපාණන් වහන්සේගේ හා නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත රාජකීය පණ්ඩිත බෝගහ ඉදිවැව විනයානන්ද හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පූර්ණ කැපවීමෙන් මේ දක්වා අඛණ්ඩව මනා කළාමනාකාරිත්වයෙන් පිරිවෙන පවත්වාගෙන යනු ලබයි. ප්‍රදේශයේ අනිකුත් අධ්‍යාපන ආයතනයේ හා පිරිවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ කීර්ති ප්‍රසංසා මැද ඉදිරියට යන මේ ගමනේ සිදු කරනු ලබන අධ්‍යාපනික මෙහෙවර අනාගත ශාසනාභිවෘද්ධියට මහත් අත්වැලක් සපයනු ඇත.

****

පිරිවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන්...

  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]