[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

හදවතින් ලෝකය දකින්න බුද්ධියෙන් තීරණ ගන්න

න පුප්ඵ ගන්ධො පටිවාත මෙති - න චන්දනං තගර මල්ලිකාවා- සතංච ගන්ධෝ පටිවාත මෙති - සබ්බා දිසා සප්පුරිසො පවාති, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි ආනන්ද හිමියන්ගේ පැන විසඳුමක් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. සැවැත් නුවර දෙව්රම් වෙහෙර අනඳ මහ තෙරුන් වහන්සේ, “සඳුන් ආදී හර සුවඳ ද, හිරිවේරිය ආදී මල් සුවඳ ද, සමන් ආදී මල් සුවඳ ද, අගය කොට සලකති. එහි සුවඳ යටි සුළඟට හමන්නේ ය. උඩු සුළඟට හැමීමක් නැත. එහෙත් උඩු සුළඟටත්, යටි සුළඟටත් හමන සුළඟක් තිබිය යුතුම යැ"යි සිතා අප බුදුරදුන්ගෙන් විමසූහ. අප බුදුරජාණන් වහන්සේ, යටි සුළඟට හා උඩු සුළඟට පමණක් නොව දසදිසාවට ම හමන සුවඳක් ඇතැයි මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. යම් කෙනෙක් තිසරණ සරණ ගොස්, පස්පව් නොකොට, දස පින් ක්‍රියාවත් පුරන්නේ ද, මහණ දම් පිළිවෙත් සපුරා, කරුණා මෛත්‍රීය වඩන්නේ ද ඔවුන්ගේ ගුණ මහණ බමුණෝ පවසති. දෙවියෝ ද පවසති. එසේ හෙයින් ඒ ගුණ සුවඳ දස දිසාවට ම හමන්නේ ය. අප බුදුරජාණන් වහන්සේගේ ගුණ නැණ සුවඳ අකනිටා බඹලොව දක්වා ද, අනන්ත අප්‍රමාණ සක්වල දක්වා ද හමන්නේ ය. පසේ බුදු, අගසව් ආදී මහෝත්තමයන්ගේ ගුණ සුවඳ ද සුදුසු පරිදි දස දිසාවේ ම හමන්නේ ය. ආදි කාලීන සත්වයා මහ පොළොවේ පස්වල රසය ආහාර වශයෙන් ගෙන ජීවත් වූ ආකාරය ත්‍රිපිටක ධර්මයේ සඳහන් වන්නේ ය. ක්‍රම ක්‍රමයෙන් එම රසය සපුරා ගස්වැල් මාර්ගයෙන් සත්වයාට ලබා දෙන්නේ ය. මිනිසාගේ පවතින ආශාවත්, ක්‍රෝධයත් උත්සන්න වන විට මතුමත්තට ගස්වැල් වලින් ලබාදෙන ස්වභාවික ගුණය හා රසය හීනවන්නේ ය.


  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]