[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ජීවිතය තේරුම් ගැනීමට අප්‍රමාදී වන්න

සංකප්පරාගො පුරිසස්ස කාමො
නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
සංකප්පරාගො පුරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දන්ති

"පුරුෂයාගේ කල්පනා වශයෙන් උපන්නාවූ රාගය තෙම කාම නම් වේ. ලෝකයෙහි යම් විසිතුරු අරමුණු ඇද්ද, මොවුහු කාමයෝ නොවෙත්. ලෝකයෙහි එසේම විසිතුරු අරමුණු ඇත්තා හ. එසේ වුවත් මේ ලෝකයෙහි නුවණැත්තෝ කාමාශාව දුරු කරත්. හික්මවති." තියුණු ප්‍රඥාවක් ඇති කර ගැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේදයක් අංගුත්තර නිකායේ, ඡක්ක නිපාතයේ, නිබ්බේධික සූත්‍රයෙන් විස්තර කෙරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද යම් ධර්මයක් තිබේ නම්, සෑම විටම එම ධර්මය තුළින් අතිදීර්ඝ භයානක සංසාර එක ජීවිතයක් උරුම වී ඇති සත්ත්ව සන්තානය තුළ ඇති ගැටලු විසඳාගැනීම සඳහා භාවිත කළ යුතු ඉතා ප්‍රායෝගික ක්‍රමවේදයන් සාකච්ඡා කෙරේ. ගැටලුවත්, එම ගැටලුවට හේතුවත්, එය නැති කිරීමත් නැති කරන මාර්ගයත් මොනවට පැහැදිලි කරන ධර්මය ඉතා දුස්සීලකම් කරන්නට පෙළඹෙන, විෂම සිතිවිලි ඇති සන්තානයක් ජීවිත අවබෝධය සහිත ඉතා සාන්ත තත්ත්වයකට පත් කරයි. ජීවිතයේ සත්‍ය තත්වය ඇති සැටියෙන් අවබෝධ වන විට විෂම සිතිවිලි ඉවත් වන්නේ, ලෝභ ද්වේෂ මෝහ ඇතිවන්නට, තදින් අල්වා ගන්නට ලොවෙහි සාරවත් යමක් නැති බව තේරුම් ගන්නා බැවිනි. මෙම නිබ්බේධික සූත්‍රය තුළින් ද ඉතා තියුණු ආකාරයකින් අප ජීවිත තුළ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් අවබෝධ කරගන්නා ක්‍රම වේදයක් විස්තර කර ඇත. ජීවිතයට අතිශයින් ම සම්බන්ධ කරුණු හයත්, හය ආකාරයකින් විවිධ වශයෙන් බෙදා දක්වන මෙම සූත්‍ර ධර්මය එම කරුණු තුළින් ජීවිතය විනිවිද දකින්නට මඟ සලසයි. කාමය, වේදනාව, සංඥාව, ආශ්‍රව, කර්මය සහ දුක යන අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධ ඉතාම වැදගත් ධර්මතාවයන් හයක් පිළිබඳව මෙසේ හය ආකාරයකින් මෙම සූත්‍ර ධර්මය තියුණු නුවණක් ඇති කර ගැනීම පිළිබඳව ධර්ම පරියාය නමින් හඳුන්වයි. නිබ්බේධික ධර්ම පරියාය යනු එය යි. ඒ ධර්මතාවයන්හි සැබෑ ස්වරූපයත්, ඒවා උපදින්නට හේතු වෙන නිධාන කාරණාවත්, එහි විවිධත්වයත්, ඒ වගේම ඒ තුළින් උපදින විපාකත්, එහි නිරෝධයත්, නිරෝධ ගාමිධෑ පටිපදාවත් යන ආකාර හයකින් ඉහත සඳහන් සෑම ධර්මතාවයක් පිළිබඳව ම විස්තර කර ඇත. මෙම සූත්‍ර ධර්මයේ කාමයන් පිළිබඳව අර්ථ දැක්වීම වශයෙන් අප මාතෘකා කරන ලද ගාථා ධර්මය සඳහන් කර ඇත.


  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]