[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්මලානේ පුරාණ විහාරය

ලෝ පතළ පඬිවරුනට නිජබිමක් වූ රත්මලානේ පුරාණ විහාරය

විද්‍යොදය, විද්‍යාලංකාර පිරුවන් ආරම්භ කරමින් අසහාය ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කළ මහා යතිවරයාණන් වහන්සේලාගේ මූලස්ථානය ලෙසින් සැලකුණු, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි මාතෘස්ථානය ලෙසින් දෙස් විදෙස් සම්භාවනාවට පත් 'රත්මලානේ පුරාණ විහාරය' කොළඹ සිට ගාල්ලට දිවෙන මහා මාර්ගය පේන මානයේ පිහිටා ඇත. මෙම විහාරස්ථානයේ ආරම්භය දේවානම්පියතිස්ස රජු දවස තෙක් දිව යන බව පිළිගැනීම යි. මහා බෝධිවංසයේ සඳහන් මහාජල්ලික නම් කෙවුල් ගම රෝපිත දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ හිඳීන බවත්, දේවානම්පියතිස්ස රජු රට පුරා යොදුනෙන් යොදුන තැන වූ විහාරස්ථානයක් ලෙසත් මෙම විහාරස්ථානය හඳුන්වයි. කෝට්ටේ යුගයේ අගනුවරට සමීප රාජකීය රත්මල් උයන හෙවත් රත් මල් ආන පිහිටි හෙයින් රත්මලාන නම් ලද මේ ප්‍රදේශයේ එවක ද සම්භාවනීය විහාරස්ථානයක් වශයෙන් මෙම පුදබිම පැවති බව අනුමාන කළ හැකි ය. ස්‍යාමෝපසම්පදාව මෙරට පිහිටුවීමෙන් පසු කොළඹ ප්‍රදේශයේ ශාසනෝද්දීපනිය පිණිස වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් විසින් එවන ලද ගිනිගත්පිටියේ සංඝරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍ය ආසිදෙණියේ ධර්මකීර්ති හිමියන් ප්‍රථමයෙන්ම වස් වසමින් පුනර්ජීවය ලබාදුන් විහාරස්ථානය රත්මලානේ පුරාණ විහාරය යි. ආසිදෙණියේ ධර්මකීර්ති හිමියන්ගෙන් පසු තලංගම සෝභිත හිමි, මරලුවාවේ සෝභිත හිමි, අඬුපේ සෝණුත්තර හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි යන හිමිවරුන් මෙම විහාරස්ථානයේ විහාරාධිපති පදවිය හෙබ වූහ.


  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]