[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආණ්ඩුකාරතුමාගේ කාඩ් පත

ආණ්ඩුකාරතුමාගේ කාඩ් පත

ක්‍යෝතෝ නගරයෙහි කෙයිචූ නමින් හඳුන්වන උසස් සෙන් ගුරුවරයෙක් වාසය කෙළේ ය. ඔහු නගරයේ විශාලම ආගමික මධ්‍යස්ථානයෙහි ප‍‍්‍රධානියා විය. කෙයිචූ හට ඔහුගේ තීක්‍ෂණ ප‍‍්‍රත්‍යක්‍ෂාවබෝධය පිළිබඳ විශාල ගෞරවයක් සහ මනා පාලනය පිළිබඳ ප‍‍්‍රසිද්ධියක් හිමි ව තිබිණි.

කිතගකි ක්‍යෝතෝ නගරයෙහි ආණ්ඩුකාරවරයා වශයෙන් පත් වූවාට පසු කෙයිචූ ගේ ඥානවන්තභාවය පිළිබඳ බොහෝ දෑ දැන ගත්තේ ය. කිතගකි ආණ්ඩුකාරතුමා කෙයුචූ ගුරුවරයා මුණ ගැසී ගෞරව කළ යුතු යැයි තීරණය කළේ ය. එක් දිනෙක සන්ධ්‍යා කාලයේ එහි ගියේ ය. ආගමික මධ්‍යස්ථානයට ළඟා වූ කිතගකි ආණ්ඩුකාරතුමා තමන්ගේ විස්තර සඳහන් කාඩ් පත කෙයිචූ ගුරුවරයාගේ සහායකයකුට ලබා දුන්නේ ය. සෙන් ගුරුවරයා මුණ ගැසීමට අවශ්‍ය බව පැවසී ය. සහායකයා ඔහුට එහි වාඩිවන ලෙස පවසා ඇතුළට ගොස් කාඩ් පත කෙයිචූ ගුරුවරයා අතට පත් කර “ගුරුතුමනි, ඔබතුමා බැහැදැකීමට කිසිවෙක් එළියෙහි සිටියි” යනුවෙන් පැවසී ය.

”කවුද ඔහු?” කෙයි චූ ඇසීය.

සහායකයා ආණ්ඩුකාරතුමාගේ විස්තර කාඩ්පත කියවමින් ”කිතගති, ක්‍යෝතෝ ආණ්ඩුකාර” යැයි පැවසී ය.

“ඔහු සමඟ මට කතා කළ යුතු දෙයක් නැහැ” යැයි පවසමින් කෙයිචූ කාඩ්පත පිළිකුලෙන් විසි කෙළේ ය.

සහායකයා දෙසට හැරී “දැන්ම ම ඔහුට යන්න කියන්න” යැයි කෙයිචූ ගුරුතුමා පැවසී ය.

සහායකයා කාඩ්පත අසුලා ගෙන වේගයෙන් කිතගති ආණ්ඩුකාරයා රැ¼දී සිටි ශාලාවට පැමිණ ”මට සමාවන්න, මහත්මයාණෙනි ගුරුතුමා ඔබ මුණ ගැසීමට කැමැති නැහැ” යනුවෙන් පවසමින් කාඩ්පත කනගාටුවෙන් ආපසු දුන්නේ ය.

කිතගති ආණ්ඩුකාරතුමා පුදුමයට පත්විය. ඔහු තමාගේ කාඩ්පත ගෙන පිටවීමට සූදානම් ව නැවත තම කාඩ්පත කියවී ය.

එකවර ඔහු තමාගේ මෝඩකම තේරුම් ගෙන පැන්සලෙන් කාඩ්පතෙහි යමක් කුරුටු ගා “මගේ අත්වැරදීමක්” යැයි පවසා සහායකයාට නැවතත් කාඩ්පත දෙමින්

“කරුණාකර තව වාරයක් මගේ කාඩ්පත ඔබගේ ගුරුතුමාට ලබා දෙන්න” යැයි පැවසී ය.

සහායකයා නැවතත් කෙයිචූ ගුරුතුමාගේ කාමරයට ගොස් ආණ්ඩුකාරවරයාගේ කාඩ්පත ගුරුතුමාට දුන්නේ ය. කාඩ්පතෙහි සඳහන් වූයේ “කිතගති” යනුවෙන් පමණි. ආණ්ඩුකාරවරයා “ක්‍යෝතෝ ආණ්ඩුකාර” යන වචන කුරුටු ගා තිබිණ.

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]