[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

තමන්ගේ පිහිට සලසා ගත යුතු තමා ම ය

කිංසු ජනෙති පූරිසං – කිංසු තස්සවිධාවති
කිංසු සංසාරමාපාදි – කිංසු තස්ස පරායණං
තණ්හා ජනෙති පුරුසං –චිත්තමස්ස විධාවතී
සත්තො සංසාරමාපාදි – කම්මං තස්ස පරායණං

අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ, දිනක් මධ්‍යම රාත්‍රිය ඒකාලෝක කරගෙන එක්තරා දේවතාවෙක් පැමිණියා. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් ඇසුවා. මොනවාද ඒ ප්‍රශ්නෙ?. ‘කිංසු ජනෙති පුරිසං’ සත්වයා උපදවන්නේ කවුද? කිංසු තස්ස විධාවති. ඒ සත්වයාගේ එහා මෙහා දුවන්නේ කුමක්ද? කිංසු සංසාරමාපාදි සංසාරයට ආවේ කවරෙක්ද? කිංසු තස්ස පරායනං ඔහුට පිහිට වන්නේ කවුද? යන ප්‍රශ්න හතරයි මේ දේවතාවා අහන්නේ. මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ මෙහෙම උත්තර දීලා තියෙනවා. තණ්හා ජනෙති පුරිසං සත්වයා උපදවන්නේ තෘෂ්ණාවයි. චිත්ත මත්ත විධාවතී. සංසාරයේ දුවන්නේ ඔහුගේ සිතයි. සත්තො සංසාරමාපාදි. සංසාරයට ආවේ සත්වයායි. කම්මංතස්ස පරායනං. ඔහුට පිහිට වන්නේ කර්මයයි. මේ පිළිතුරු අපි විස්තර වශයෙන් බලමු සත්වයා උපදවන්නේ කවුද? තණ්හාව විසින් සත්වයා උපදවන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ සෑම උපතකට ම හේතුව තෘෂ්ණායි. තෘෂ්ණාව කියන්නේ ඇලීමයි. නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දනී යනුවෙන් විස්තර කරන විදිහට නන්දිරාගයක් සමඟ ඒ ඒ දේවල නැවත නැවත හිත අලවන්නේ තෘෂ්ණාවයි. යම් කිසි දෙයක හෝ යම්කිසි භවයක හිතේ සතුට ඇතිවෙලා ඇලෙන්නේ තෘෂ්ණාවයි. මේ තණ්හාව, කාම තණ්හා, භව තණ්හා විභව තණ්හා කියල ආකර තුනක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු ඇස්, කන්, නාස් ආදි ඉන්ද්‍රියයන් මඟින් සොයා සොයා කාමවස්තුවල ඇලි ගැලී කටයුතු කිරීම කාම තණ්හාවයි.


  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]