[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මෙවර කඨින චීවර පූජා මහෝත්සවය රජයේ හා වෛද්‍ය උපදෙස් අනුවයි

කඨින චීවර මහා පුණ්‍ය මහොත්සවය රාජ්‍ය උත්සවයක් වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 07 හා 08 යන දිනයන්හි ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ සිටින පොළොන්නරුවේ ඓතිහාසික සෝමවති චෛත්‍ය රාජයාණන් වහන්සේ සමීපයෙහි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. සම්බුද්ධ ශාසනයේ පවතින්නා වූ අට මහා කුසල් අතර අති ශ්‍රේෂ්ඨතම මහා පුණ්‍ය කර්මය කඨින මහා පින්කමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විනය නීතිවලින් සමන්විත, චාරිත්‍රානුකූලව වර්ෂයකට එක් වරක් පමණක්, එකම විහාරස්ථානයක සැදැහැවතුන්ගේ මූලිකත්වයෙන් සිදුකරන එකම පින්කම කඨින මහා පුණ්‍යෙත්සවය යි. මෙම වර්ෂයේ දී පෝය දහතුනක් යෙදීම නිසා වස්සාන ඍතුව මුල් කරගෙන ම එම විනයානුකූල වස් සමාදන් වීම සිදු කළ යුතු හෙයින් භික්ෂූන් වහන්සේ පසුගිය නිකිණි පොහෝ දිනට පසුදින හෙවත් අගෝස්තු මස තුන්වැනි දින වස් සමාදන් වීම සිදු කළ අතර, වප් පුර පසළොස්වක පොහොය දෙකක් මෙම වර්ෂයේ යෙදී ඇති හෙයින් ද 2020 ඔක්තෝබර් තිස් වැනි (30) දින අපර භාග 5.48 ට පුර පසළොස්වක පොහොය ලබා තිස්එක් (31) වැනි දින අපරභාග 8.20 ට පොහොය නිමාවන හෙයින් නිකිණි පොහෝ දිනට පසුදින වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ ඔක්තෝබර් 31 වැනි දින වස් පවාරණය කළ යුතු වේ. එතැන් පටන් කඨින චීවර පූජා මහෝත්සවය පැවැත්විය හැකිය. එහිදී රට තුළ පවත්නා කොරෝනා වසංගතය නිසා රජයේ හා වෛද්‍ය උපදෙස් අනුව සෑම ගමක ම පිහිටි විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේ හා දායක පින්වත් පිරිස සීමා කොට කඨින පින්කම සඳහා කළ යුතු චාරිත්‍ර විධි ඒ අයුරින් ම මැනවින් ඉටු කරමින් නොවැම්බර් මස 29 වැනි දිනට යෙදී ඇති ඉල් මස පොහොය තෙක් ම, සුරක්ෂිත ලෙස කඨින පින්කම් සිදු කළ යුතු ය.


  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]