[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල් කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිග හැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර

සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ. පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.

[email protected] බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ.


ජාතික පනත

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ උපදෙස්

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උපහාරයක් ලෙසිනි

* පර සතුරන්ගෙන් සසුනත්, රටත්, ජාතියත් ගලවා ගත් සිංහල නරපතීන් ගැන ඉතිහාස කථා කියවා ප්‍රබෝධ උගන්වනු

* අනුලා, විහාර මහා දේවිය, සෝමා දේවී, සීවලී ආදී සිංහල මාතාවන්ගේ උදාර චරිත කථා කුඩා බාලිකාවන්ට උගන්වනු

* තමා සිංහලයකු බව නිතර සිහි කරනු

* බුද්ධාගම තමාගේ ප්‍රවේණි උරුමය සේ සිතනු

* රට, ජාතිය, ආගම වෙනුවෙන් වුවමනා විටකදී දිවි පිදීමට වුවත් මැළි නොවනු

* සිංහල ඉතිහාසය හොඳින් ප්‍රගුණ කරනු.

*සිංහල වීරයන් ගැන ආදර්ශවත් පාඩම් කියවනු

* බෞද්ධ ප්‍රතිපත්තිවලට පිටුපා වැඩ නොකරනු

* පුරාණ සිද්ධස්ථාන ජාතික වස්තූන් සේ සිතා ගෞරව කරනු

* ජාතික මමත්වයෙන් පිටරට දේ පිළිකුල් කිරීමට පුරුදු වෙනු

* ජාතික ආහාර පාන දිව්‍ය භෝජන සේ සිතා ප්‍රීතියෙන් වළඳනු

* ශරීරයෙහි ආර්ය ලේ බිඳක් වත් තිබෙන තුරු කිසිවකුට නිකරුණේ තමා යටත් කළ නොහැකි බව සිතනු

* ‘මසින් හා ලෙයින් පිරුණු මෙම ශරීරය ලෝකයාගේ හිත වැඩ පිණිස දරන්නෙමි’යි කී අපේ සිංහල තපස් වී ගැන සිතා එඩිතර වෙනු

*තමාගේ ජීවත්වීම පරාර්ථය පිණිස යැයි නිතර සිහි කරනු

* තමා වෙනුවෙන් මුදල් සපයන්නට කෙනෙකු බැඳී නැති බව සිතනු

* මවු භාෂාවට ප්‍රිය කරන්නෙක් වෙනු

* අන්‍ය භාෂාවන් දෙවන (අමතර) භාෂාවන් සේ සිතා උගනු

* බියගුල්ලා කීප විටක්ම මැරෙතත් වීරයා මැරෙන්නේ එක විටක් බව සිතනු

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]