[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

වළගම්බා රජුට රැකවරණය දුන් මාලිගාතැන්න සෙනසුන

මල් වගා කර දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජෝපහාර දැක්වූ ග්‍රාමය මල්වතු හිරිපිටිය යැයි ද, පලතුරු පූජා කළ ග්‍රාමය අඹගස් පිටිය ලෙස ද, ව්‍යංජන සකස් කොට ධාතූන් වහන්සේට පූජා පැවැත්වූ ග්‍රාමය කෙහෙල්ගල් දොරුව ලෙස ද අදට ද ප්‍රචලිත ය. හාත්පස පැතිර ගිය ඝන වනාන්තරයට මැදිව අතරින් පතර අහස් කුසට එසැවුණු ගල් කුළු ය. ඊට පහළින් දක්නට ඇති කුඹුරු යායත්, ඊට යාබදව ගලා බසිනා දිය දහරාත් ,දකින දසුන නෙත පින් කර ඇතුවා යැයි සිතෙයි.ඒ අතරින් පෙනෙන පොල් රුප්පාවන් ද ඊට මැදිව අහස් කුස වන්දනා කරනා කොත් වහන්සේලා ද අවට ඇති විහාර පින් බිම් වල සලකුණු ය.හෙළ රජ දරුවන්ගේ පාද ස්පර්ශයෙන් සුපෝෂිත වූ මේ බිම් අඟලක ම ඇත්තේ අපේ ඇත්තන්ගේ උරුමය යැයි සිතෙයි. බස්නාහිර පළාතේ සියනෑ කෝරලයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඓතිහාසික පින් බිමක මුහුදු මට්ටමේ සිට අඩි අටසිය පනහක පමණ ඉහළ ඇති මෙම දසුන අතිශය මනස්කාන්ත ය. කොළඹ නුවර පාරේ, නුවර දෙසට ගොස් මිරිස්වත්ත හංදියෙන් දකුණට හැරී 205 වතුරගම පාරේ කිලෝමීටර් පහක් පමණ ගිය පසු මාලිගාතැන්න හංදිය හමුවෙයි.ඉන් වමට හැරී කිලෝමීටරයක් පමණ ගිය තැන ලොව්තුරු බුදු පියාණන්ගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දෙවරක් වැඩසිටි බව සැලකෙන හෙළ රජ දරුවන්ගේ ස්පර්ශයෙන් පෝෂිත මාලිගාතැන්න විවේක සේනාසනයට පැමිණිය හැකි ය.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]