[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අමාවක 2020.09.17

ධර්මපාල පරපුරක් බිහිකරමු

අතීත සිංහලයාට තමන් හමුවට එන ඕනෑම අභියෝගයක් ජය ගන්නට යෝධ බල, යෝධ ශක්තිය තිබුණි. ඒ ශක්තිය ලැබුණේ නිකම් ම නොවේ. සම්බුදු දහමෙන් සුපෝෂිත වූ ආකල්ප හා චර්යා ධර්ම නිසා ය. එවන් ජාතිය අලස බවින්, පරාධීන බවින් පරිහානියට යන්නට පටන් ගත්තේ, එසේත් නැතිනම් සිංහලයාගේ යෝධ ශක්තියත්, යෝධ බලයත් ක්‍රමයෙන් ගිලිහී යන්නට වූයේ, ලාංකේය සමාජය ඛේදජනක ඉරණමකට ගොදුරු වූයේ දීර්ඝ කාලයක් මේ රට බටහිර ජාතීන්ගේ ග්‍රහණයට යටත් ව පැවතීම නිසා ය.

දීර්ඝ කාලයක් පැවත ආ ඒ වහල් බවින් සිංහල ජාතිය මුදා ගන්නටත්, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගන්නටත්, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරුවන් අතර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වෙසෙසින් සිංහල බෞද්ධ ජනතාවගේ හදවත් තුළ ජීවමාන ය.

මිෂනාරී අධ්‍යාපනයත්, සංකර සංස්කෘතියත් වැළඳගත් අයට, මත් වතුරට, ගව මසට ගිජු වූ අයට, දේශීයත්වය අමතක කළ අයට එතුමා එල්ල කළ වාග් ප්‍රහාරය අභීත සිංහ නාදයක් බඳු විය. අලස ව, උදාසීන ව, පරගැති අනුකරණයට නතුව සිටි එම පිරිස් පරගැති බවින් මුදා යළි පණ දී නඟා සිටුවීමට එතුමා දිවා රෑ නො බලා ගත් උත්සාහය මිල කළ නොහැකි ය.

එවන් උදාරතර වීරවරයකුගේ ප්‍රතිපත්ති ගරුක ජීවන දර්ශනය, දූර දර්ශී චින්තනය අද අපේ දරු පරපුරට දායාද කළ යුතු ව ඇත.

තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමිපාණන් වහන්සේ විසින් එක් අවස්ථාවක පුවත්පත් පෙරවදනක මෙසේ සටහන් කරනු ලැබ තිබුණි. 'වත්මන් පරපුරට ධර්මපාලතුමා හා ධර්මපාල චින්තනය පිළිබඳ ව ඇති දැනුම ඉතා මඳ ය. රට - ජාතිය - ආගම - භාෂාව පිළිබඳ ධර්මපාලතුමන් පළ කළ අදීන ප්‍රගතිශීලී අදහස් ගැන හැඟීම් ඇත්තෝ සමාජයෙහි වැඩිහිටියන් අතර ද ඉතා ස්වල්ප වෙති. ජාතික හැඟීම් නැති ජාතියක්; රටත්, ජාතියත්, බසත්, සමයත්, උත්කර්ෂණයට පත් කරති’ යි අපි කෙසේ සිතමු ද? එය අත්තික්කා ගසේ මල් සෙවීමක් සේ ම නිෂ්ඵලය'.

මේ මා හැඟි අර්ථ කථනය ඉතාම කාලෝචිත ය. රට, ජාතිය ගැන හැඟීමක්, ගෞරවයක් නැති ජාතිය කෙසේ නම් ඉදිරියක් ගැන සිතන්න ද?

අද අපේ ළමා පරපුර අතර, වගේ ම තරුණ පිරිස් අතර ද ඇතැම් කෙනකුට තමන්ට රටක්, ජාතියක්, ආගමක්, භාෂාවක් ඇතැයි යන හැඟීමකදු නො පෙනේ. තැනෙක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ය. තැනෙක ඔවුන්ට ගොදුරු වන පිරිස් ය. තවත් තැනෙක අපරාධකරුවන් ය. ඒ අතර තවත් තැනෙක සංකර සිරිත් විරිත් කරපින්නාගත් පිරිස් ය. දේශීයත්වයට ගරහන්නන් ය.

අපට සම්බුදු දහමින් සුපෝෂිත උදාරතර සංස්කෘතියක් තිබේ. සිංහල බෞද්ධයෙක් මතට ඇබ්බැහිවනවා නම්, සංකර සිරිත් විරිත් කරපින්නා ගන්නවා නම්, කුසීතකමින් කාලය ගත කරමින් පරිහානියට යනවා නම්, තමන්ගේ ආගම භාෂාව පිළිබඳ අභිමානයක්, ගෞරවයක් නොවේ නම්, දේශීයත්වයට පටහැනි දේ කරනවා නම්, වැරැදි ජීවන චර්යාවන් හි හැසිරෙනවා නම් අප, අප ගැනම ලජ්ජා විය යුතු වේ. වැඩිහිටියන් එසේ හැසිරුණ කල අපගේ බාල පරපුරට යන කල කෙබඳු ද?

වර්තමානයේ අපේ රටට අලුත් ආලෝකයක් උදාවීගෙන එන බවට සුබ ලකුණු පෙනේ. මත් උවදුර, අපරාධ තරයේ පිටු දකිමින් ඒවායෙහි නිරත වන්නෝ දැන් නීතියේ රැහැනට හසුවෙති. දේශීයත්වය අගය කරමින් රටේ දියුණුවට මං පෙත් විවර වෙමින් පවතී. එවැනි අවස්ථාවක සමස්ත ජනතාව තුළ රට, ජාතිය, ආගම ගැන ආකල්පමය වෙනසක් ඇති කොට රට නැඟීමට අනගාරික ධර්මපාල චින්තනය මාහැඟි මිණකි.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]