[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශී‍්‍රමතාණන් සිංහල ජාතියට පණ පොවන්නටත්, සම්බුද්ධ ශාසනය රැක ගන්නටත් මහත් වෙහෙසක් ගත් ශ්‍රේෂ්ඨ වීරවරයෙකි. එතුමාගේ 156 වැනි ජන්ම සැමරුම අදට යෙදී ඇත. එතුමා පිළිබඳ දරුවන් එවූ නිර්මාණ එතුමාට උපහාරයක් ලෙස මෙසේ 'සදහම් අරණ' ළමා පිටුවේ පළ කරන්නෙමු.

ආදර්ශය

අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධ ජනතාව තුළ ජාතික හා ශාසනික හැඟීම් පුබුදුවා නව ජීවයක් දීමට ක්‍රියා කළ උතුමෙකි. විදේශිකයන්ගේ පාලනය යටතේ අහිමි වී තිබුණු සිංහල බෞද්ධ අයිතිවාසිකම් යළි ලබා ගැනීමට උනන්දු කර වූ ඕල්කට්තුමාට අනගාරික ධර්මපාලතුමා ද සහය විය. එතුමා දේශීය සිරිත් විරිත් පිළිපැදීමත්, ආර්ය සිංහල නම භාවිත කිරීමේ අගයත් ආදර්ශයෙන් පෙන්වා දුන්හ.

මගේ යුතුකම

අනගාරික ධර්මපාලතුමා 1864 සැප්තැම්බර් 17 දින දොන් ඩේවිඩ් හේවා විතාරණ නමින් උපත ලද්දේ ය. “මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි." “සිංහලයනි දිවි යතත් බොරු නො කියන්නට අධිෂ්ඨාන කර ගනිමු.” "සිංහලයනි නැගිටිවු බුද්ධගයාව බේරා ගනිව්" “ගවමස් නො කනු, මත්පැන් නොබනු” අනගාරික ධර්මපාල තුමා නිතර පැවසී ය.

එතුමා ‘බුදු දහම’, ‘සදාචාරය’ හා ‘ජාතික හැඟීම’ මාතෘකා කර ගනිමින්, රට පුරා දේශන පවත්වමින් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කළේ ය. ඉන්දියාවේ මූලගන්ධකුටි විහාරයේ දී “සිරි දේවමිත්ත ධර්මපාල” නමින් පැවිදි බව ලැබූ උන්වහන්සේ 1933 අප්‍රේල් 29 වන දින අපවත් වූහ.

විශිෂ්ට නායකත්වය

දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා හේවාවිතාරණ යන මව්පියන්ගේ පුත් දොන් ඩේවිඩ් හේවාවිතාරණ විය. තරුණ වියට පත් මොහු බෞද්ධාගමික සිතුම් පැතුම් අනුව යමින් තම මුල් නම ද වෙනස් කර ගත්තේ ය. ඒ වෙනුවට අනගාරික ධර්මපාල යන නම භාවිත කළේ ය. තරුණ වියේ සිට ම මෙතුමා පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ කාරක සභික ධූරයක් දැරුවේ ය. බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට විශාල මෙහෙයක් ඉටු කළේ ය.

ගව මස් කෑමට සහ සුරාවට ලොල් වූ සිංහලයන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ එතුමා සිංහලයන් තුළ පැවති නිවට ගති ලක්ෂණ, උදාසීන ගති සිරිත් ආදිය ද දැඩි සේ දෝෂ දර්ශනයට ලක් කළේ ය. “සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්” යන කාහල නාදය නංවමින් සිංහල බෞද්ධ බලවේග කුල්මත් කළේ ය.

අමිල මෙහෙවර

1864 වසරෙහි උපත ලැබූ මෙතුමාගේ මුල් නාමය දොන් ඩේවිඩ් හේවාවිතාරණ විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගෙන් පාලි භාෂාව හා ත්‍රිපිටකය හැදෑරූ එතුමා පසුව පරම විඥානාර්ථ සමාගමට බැඳුණි. ස්වකීය නාමය ධර්මපාල ලෙස වෙනස් කර ගනිමින් අනගාරික ජීවිතයක් ගත කළේ ය. සිය ජීවිතය බුදු දහම වෙනුවෙන් කැප කළ මෙතුමා බුද්ධගයාව ඇතුළු ව ඉන්දියාවේ පූජනීය ස්ථාන රැක ගනිමින් අනුපමේය මෙහෙවරකට දායකත්වය ලබා දුන්නේ ය. එතුමා සිය ජීවිතයේ අවසාන කාලයේ දී සිරි දේවමිත්ත නමින් ඉන්දියාවේ දී පැවිදි බව ලබා ගත්තේ ය. 1933 වර්ෂයේ දී ඉන්දියාවේ දී සිරි දේවමිත්ත හිමියෝ අපවත් වූහ.

ජාතියේ මිණි පහන

අනගාරික ධර්මපාලතුමා 1864 උපත ලැබූ අතර එතුමාගේ මුල් නම දොන් ඩේවිඩ් හේවාවිතාරණ විය. මෙතුමා ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ගත්තේ ය. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගෙන් පාලි භාෂාව හා ත්‍රිපිටකය හැදෑරී ය. සිය ජීවිතය බුදු දහම වෙනුවෙන් කැප කළ මෙතුමා සිංහල භාෂාව, සංස්කෘතිය ඇතුළු සාම්ප්‍රදායික උරුමයන් රැක ගැනීමේ වැදගත්කම රට වැසියන්ට පහදා දෙමින් කටයුතු කළේ ය. එතුමා පසු කලෙක සිරි දේවමිත්ත නමින් ඉන්දියාවේ දී පැවිදි භාවය ලබා ගත්තේ ය. 1933 වර්ෂයේ දී ඉන්දියාවේ සාරානාත්හි දී සිරි දේවමිත්ත හිමියෝ අපවත් වූහ.

බෞද්ධ ප්‍රබෝධය

අනගාරික ධර්මපාලතුමා උපන්නේ 1864 වසරේ සැප්තැම්බර් 17 වන දින ය. එතුමාගේ මුල් නම දොන් ඩේවිඩ් හේවාවිතාරණ ය. එතුමා එකල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමී ව කටයුතු කළේ ය. ගිනි පෙට්ටි, පිඟන්, පේෂ කර්ම ආදී විවිධ කර්මාන්ත ඇති කිරීමට මූලික වූ එතුමා රට, දැය, සමය සුරැකීම උදෙසා බොහෝ වෙහෙස දැරීය. එතුමා සිරි දේවමිත්ත ධම්මපාල නමින් ඉන්දියාවේ බරණැස හි සසුන් ගත විය.

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

සතුන්ට හිංසා නොකරමු යන මතෘකාව යටතේ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]