[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සැරියුත් මුගලන් තෙරවරු පුංචි අපට කලණ මිතුරු

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ දී අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කළහ. අනාදිමත් කාලයක සිට පෙරුම්පුරා, ගෞතම සම්බුද්ධ ශාසනයේ දී උපතිස්ස කෝලිත යන නමින් ඉපදුණ හ. කල්‍යාණ මිතුරන් සම්බුදු සසුනේ පැවිදි ව උතුම් වූ අග්‍ර ශ්‍රාවක තනතුරු ලබාගත් සේක. උන්වහන්සේ අපට ද කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වූහ. බාලයන්ගේ ආශ්‍රය නොලැබේවා.

****

බවුන් වඩන අරණකි සදහම් අරණ

සතර පොහොය කවදා දැයි දින ගණින
අහල පහළ කාටත් දම් රස බෙදන
සතිය පුරා කියවා සුරැකිව තබන
සදහම් මංජුසාවකි අපෙ බුදු සරණ

දහම් පාසලේ අතිනත සැරි සරණ
තම නිර්මාණ දැක සතුටින් රොද බඳින
බොදු ඔවදන් පෙළක් කැටි කර තිබෙන
බවුන් වඩන අරණකි සදහම් අරණ

දහම් දැනුම රැගෙන සිතට
බොදු පිළිවෙත් ලොව හමුවට
ඔවදන් දෙන ළමා පෙළට
තුති පුද දෙමු බුදු සරණට

****

උතුම් ශ්‍රී පාදස්ථානය

ශ්‍රී පාද වන්දනාව ආරම්භ වනනේ සෑම වසරක ම උඳුවප් පොහෝ දිනයේ දී ය. වෙසක් පොහොය දිනයෙන් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වේ. අනෙකුත් මාසවල දී ශ්‍රී පාද කන්ද නැඟීම දුෂ්කර වන ප්‍රධාන හේතුවක් වන්නේ එම මාසයන්හි ශ්‍රීපාද කන්දට අධික වැසි ඇදහැළෙමින් තද සුළං හා ඝන මීදුම පවතින නිසා ය. ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවතී. රාත්‍රී කාලයේ දී ශ්‍රී පාද කන්ද තරණය කිරීම අපූර්ව අත්දැකීමකි. විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙස ය. ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීම ය. “ඉර සේවය” නමින් ජන වහරේ මෙය හඳුන්වන අතර, කඳු මුදුණේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි.

****

මිත්තණියගේ වියෝව

මාගේ ආච්චි අම්මා (මාගේ පියාගේ මව) හරිම හොඳයි. කරුණාවන්තයි. අප ඇය හොඳින් රැකබලා ගත්තා. ඇය අපට ආදරෙයි. අප නිවසෙහි දිවි ගෙවන ලද ඇය අවුරුදු 85 ක් ආයු වළඳා පසුගිය මැයි මස 26 වෙනි දින අභාවප්‍රාප්ත විය. එය දැනගත් අපි සැවොම සංවේගයට පත්වීමු. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සේවිකාවක් වූ මගේ මිත්තණිය එහි සේවයෙහි යෙදී සිටි සමයෙහි දී ප්‍රදේශයේ රෝගී ජනතාව, තුවාල සඳහා බෙහෙත් දමා ගැනීමට ඇය වෙත නිරතුරුව පැමිණ තිබෙනවා. ඒ මගේ මිත්තණිය ඒ සඳහා ඔවුන් ගෙන් කිසිදු මුදලක් අය නොකර නොමිලයේ ම රෝගීන් සුවපත් කර ඇති හෙයින් යැයි පාංශුකූලය සඳහා අවමඟුල් උත්සවය වෙත වඩින ලද ගරුතර මහා සංඝරත්නය විසින් පැවසුවා. සදහටම වෙන්ව ගිය අපේ ආච්චි අම්මාට මම නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

****

තෙරුවන් සරණ ගියෙමි

අපට උතුම් බුදුදහම ලැබුණේ උතුම් පොසොන් පොහෝ දිනකයි. පින් පව් මොනවද කියා මිහිඳු මහ රහතන් වහන්සේ අපට කියා දුන්නා.අනුරාධපුරයේ මිහින්තලා පුදබිමේ වැඩ හිඳ දේවානම්පියතිස්ස රජතුමාට කතා කළා. පසුව උන්වහන්සේ රජතුමාට චුල්ලහත්තිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළා. ඒ උතුම් තෙරුවන් සරණ ගිය දරුවෙකි මම.

****

හොඳ පුරුදු

අලුයම අවදි වී මුවකට සෝදන්න
සැදැහැ සිතින් උතුම් තෙරුවන් නමදින්න
අම්මා තාත්තා වැඳ පාසල් යන්න
පාසලේ තියෙන වැඩ හරියට කර ගන්න

****

අපේ පන්සල

****

පිණ්ඩපාතයේ වඩිනවා

****

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

635 ජී. ඩී. හෂාන ධනුෂ්ක - 07 වන ශ්‍රේණිය
ශ්‍රී ධර්මරාජ දහම් පාසල - වෙල්පල්ල

636 ඒ. හසිති ඉමාෂා - 03 වන ශ්‍රේණිය,
ශ්‍රී පේමානන්ද දහම් පාසල – පානදුර

637 ඒ. ඇම්. චෙනුදි සිතුලිනි - 04 වන ශ්‍රේණිය,
ශ්‍රී සෝමානන්ද දහම් පාසල –යක්විල

638 ඇම්. ලසිදු චාමික - 04 වන ශ්‍රේණිය
බෞද්ධාලෝක විදුහල – පානදුර

639 පී. කෙමින්දි හසාරා - 05 වන ශ්‍රේණිය
සිරි විමලසිරි දහම් පාසල - පොල්පිටිමූකලාන

****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

උතුම් ආමිස පූජාව පිළිබඳව කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.

   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]