[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටවිසි බෝධි පුරාණය 03 : බෝධීන් වහන්සේ ගේ පුරාණය අන්තර්ගත වූ මූලාශ්‍ර

අටවිසි බෝධි පුරාණය 03 :

බෝධීන් වහන්සේ ගේ පුරාණය අන්තර්ගත වූ මූලාශ්‍ර

ති‍්‍රපිටකයේ සූත්‍ර පිටකය තුළ ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පහළොවට අන්තර්ගත වන බුද්ධ වංසය ග්‍රන්ථයෙහි බුදුරජාණන් වහන්සේලා විසි පස්නමක් පිළිබඳව තොරතුරු සඳහන්ව ඇත.

බුද්ධවංසය කොටස් තුනකට බෙදේ. බුද්ධවංසය යනු කුමක් දැ යි බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සංඥාපනයෙහි සඳහන් වී ඇත්තේ මෙපරිද්දෙනි. එනම්, “චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍ය යක් මුළුල්ලේ ඒ ඒ අවස්ථාවෙහි සම්‍යක් සම්බෝධි සමධිගම කළ දීපංකර තථාගතයන් වහන්සේ පටන් කොට අප ගෞතම තථාගතයන් වහන්සේ තාක් පස්විසි බුදුකෙනෙකුන් වහන්සේගේ ප්‍රවේණියේ විස්තර කථාව බුද්ධවංස නම් වේ.” බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රවේණි කථාව බුද්ධවංසය වශයෙන් හැඳීන්වේ. බුද්ධවංසය පරිච්ජේද වශයෙන් පහකට බෙදී ඇති බව තවදුරටත් එහි සඳහන් ය. එනම්,

1.රතන චංකමන ඛණ්ඩය

2 සුමේධ කථා

3 බුද්ධ වංසය

4 බුද්ධපකිණ්ණක. ඛණ්ඩය

5 ධාතු භාජනීය කථා

යනුවෙනි.

බුද්ධවංස සංඥාපනයෙහි තවදුරටත් සඳහන්ව ඇත්තේ” “ඒ ඒ බුදුන්ගේ උපන් කල්පය, ග්‍රාමය,ගෝත්‍රය, ජාතිය, නගරය,පීතෘ, මාතෘ බෝධි, ධම්සක් පැවැත්ම, අභිසමය, ශ්‍රාවක සන්නිපාත, අග්‍රශ්‍රාවක උපස්ථායක, අග්‍රශ්‍රාවිකා පරිවාර භික්ෂූ , රශ්මි,ශරීරප්‍රමාණ, බෝධිසත්තාධිකාර විවරණ, ප්‍රධන් වීර්යය,ආයුෂය, පරිනිර්වාණය, යන කරුණු ප්‍රකාශ කරන ලද්දේය”. බුද්ධවංසයෙහි බුදුරජාණන් වහන්සේලා පිළිබඳව කරුණු විසි දෙකක් එහි සඳහන් වේ. මේ ආදී වශයෙන් කරුණු සඳහන් කරන්නේ කුමන හේතුවක් නිසා දැයි යන්න පිළිබඳව තවදුරටත් එහි කරුණු විවරණය කර ඇත්තේ “ඉදින් ජාත නගරය මව්පිය ආදී වූ නොදක්වන්නලද්දාහු වී නම් ඔහුට උපන් තැනක්,පියෙක් මවක් නොපැනේ. මෙතෙම දිව්‍ය බ්‍රහ්ම ශක්‍ර මාරයක්ෂාදී කෙරෙහි අන්න්‍යතරයෙක් යැයි සිතමි”. ආදී වශයෙන් එහි ප්‍රස්තාවනාවේ දී තවදුරටත් සඳහන් කර ඇත්තේ කරහම්පිටිගොඩ සුමනසාර ස්වාමීන් වහන්සේය. බුද්ධවංසයෙහි කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ තත්කාලීන සමාජයෙහි බිහිවූ විවිධ ශාස්තෘන්ගේ දිව්‍යමය බලවේගයන් මත ගොඩනැඟුන සංකල්ප මත උපන් ස්ථානය මව පියා ආදී කරුණු දේශනා කළ බව ය. නූතනයෙහි වුව ද, බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය පිළිබඳ ව ඉතාම වැරැදි කතා සමාජයෙහි පැතිරීම වැළැක්වීම සඳහා ද මෙය නිදසුනක් වශයෙන් භාවිත කළ හැකිය. ඒ වගේම බුද්ධවංසය ඉහත සඳහන් වන තොරතුරුවලින් අනූන ග්‍රන්ථයක් වේ. බුදුරජාණන් වහන්සේලා විසිපස් නමක් පිළිබඳව බුද්ධවංශයෙහි සඳහන් වේ.

මෙම ලිපියේ ඉතිරි කොටස නිකිණි පුර අටවක පෝදා (ජූලි 27) පත්‍රයේ පළවේ.

   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]