[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

හෙළ දන මන සවිමත් කළ නැළවිලි ගීයක අභිමන

බුදුන් වහන්සේ තුළ පැවති අසීමිත කරුණාවේ සීතල ජලයෙන් තෙමා ලන සිය දරුවාගේ මනස 'න පාපකානං සුපිනං පස්සති ' නපුරු සිහිනවලින් තොර පැහැපත් නින්දකට පත් කරවයි. එහෙයින් ම ඔහු සුවපත් නින්දකින් අවදි වෙයි. මිහිදු මාහිමියන් විසින් බුදු දහම ලක්දිවට හඳුන්වා දීමෙන් අනතුරු ව ලක්වැසියෝ තෙරුවන් ගුණ බලයෙන් ස්වකීය ජීවිත සුවපත් කර ගැනීමට පෙළඹී ඇති අයුරු බෞද්ධ ජීවිතයක ආරම්භයේ සිට ම අවසානය දක්වා විමර්ශනය කිරීමේ දී පැහැදිලි ව පෙනී යයි. දරුවෙකු මව්කුසට පැමිණීමෙන් පසු අංගුලිමාල පිරිතෙන් ආශිර්වාද ලබා ගත් හෙළයේ බොදුනුවන් මරණ මඤ්චකයේ පිරිත් ධර්මය ශ්‍ර‍වණයෙන් ආශිර්වාද ලබා ගැනීම තෙක් ගත කළ ජීවිතයේ සෑම වැදගත් සන්ධිස්ථානයක දී ම තුනුරුවන් තම සමීපතම ඤාතීන් ලෙස ඇසුරු කිරීම අතිශයින්ම ප‍‍්‍රසාදජනක ය. විශේෂයෙන් ම ජන කවියා ද දරු නැළවිලි ගීතවල දී පවා බෞද්ධ දර්ශනයේ සමුදයාර්ථයන් ඒ තුළ තැන්පත් කර ඇති අයුරු අතිශයින් ම සුන්දර හැඟීම් ජනිත කරවයි. දරු නැළවිලි ගී අතර කාගේත් සිත් ගත් පහත සඳහන් ජන කවිය සුවබර නින්දක් කරා තම දරුවා රැගෙන යාමට මව සමත් වන්නීය. ලොව ජීවත් වන සෑම සත්වයෙකුට නින්දකට අවශ්‍ය වන ප‍‍්‍රධානතම ලක්ෂණය වන්නේ ආරක්ෂාව යි. මොනරා රැය පහන් කිරීමට ගසක උඩ ම අත්තට පියාසර කරයි. එහි අරමුණ නිදිබර යාමයේ දී සිය ජීවිතය ආරක්ෂා කර ගැනීම යි. අනිකුත් සත්වයෝ ද සිය ජීවිතයට ආරක්ෂාව සැපයෙන වන වදුලක, තුරුසිකර ගස් බෙනයක මහපොළොවෙහි වෙනත් ආරක්ෂාව ඇති තැනක් ම සොයා ගත්හ. එය තෝරා ගැනීමට අවශ්‍ය ඤාණය සොබාදහමින් ඔවුන් වෙත ලබා දී ඇත.


   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]