[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පොසොන් සඳේ සදහම් කිරණ

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දහම් පණිවිඩය අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේ විසින් පොසොන් මස පුර පසළොස්වක පොහෝ දින ලක්වැසියන්ට හඳුන්වා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ආගමික ජාතික සංස්කෘතික සාමාජික හර පද්ධතීන් උරුම කරගනිමින් ලෝක ඉතිහාසය තුළ අභිමානවත් ගමනක් පැමිණ ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. එනිසාම ධර්මද්වීපය ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග මහා ධාන්‍යාගාරය ලෙස පෙරදිග පමණක් නොව අපරදිග වාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වෙමින් සම්මානනීයත්වයට පත් වූ බව ඓතිහාසික මූලාශ්‍රය මගින් මැනවින් ප්‍රකට වී ඇත. මිහිඳු මහරහතුන් වහන්සේ දේවානම් පියතිස්ස මහරජතුමා මුණ ගැසී කළ ප්‍රථම සාකච්ඡාව මෙහිලා අතිශයින්ම වැදගත් වන්නකි. උන්වහන්සේගේ ප්‍රමුඛ අභිලාෂය වන්නේ සතර වටින්ම මුහුදෙන් වටවුණ, සම ශීත හා ඌෂ්ණ දේශගුණයෙන් සමලංකෘත වූ, ඊශාන දිගින් හා නිරිත දිගින් වරින් වර අවශ්‍ය පරිදි වැසි ලැබෙන, තුරු ලතාදියෙන් විසිතුරු වූ, සුන්දර මිනිසුන්ගේ විහරණයෙන් සමලංකෘත වුණු මෙම දිවයින තුළ සම්බුදු දහම ස්ථාපිත කිරීමයි. එහිදී, ලක්වැසි ජනතාවට යමක් මැනවින් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ඥානය තිබේදැයි ධර්ම දේශනා කිරීමට ප්‍රථමයෙන් පරීක්‍ෂා කිරීම උන්වහන්සේගේ පළමු කාර්යය වූ බව පෙනේ. ඒ අනුව මිස්සක පව්වේ දී මිහිඳු මාහිමියෝ අඹ පැනයෙන් -හා ඤාති පැනයෙන් රජතුමාගෙන් විමසීම ආරම්භ කළේ ඉහත කාරණාව සාක්‍ෂාත් කර ගැනිමේ අභිලාෂයෙනි.


   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]