[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

උතුම් වෙසක් දිනේ

බොදු පිළිවෙතින් දිවි ගෙවන අපට නිවැරැදි ම අවුරුද්ද උදාවන්නේ වෙසක් පෝය දවසේ ය. පරිසරයේ සුන්දරම කාල වකවානුව වෙසක් සමය යි. තුරුලතා මල්පල බරින් යුතුව, ගොවිතැන් සරු සාරවී සතුªට සෞභාග්‍ය උදාවන සමය යි. ඒ අසිරිමත් සමයේ උදාවන වෙසක් පෝය දිනය අප මහ බෝසතුන්ගේ උපත යි. සකල ලෝකවාසින් සසර දුකින් මුදවාලන ප්‍රතිපදාව අවබෝධකරගෙන සියලු කෙලෙසුන් නසා තුන්ලෝකාග්‍ර වූ බුදු බවට පත් වූ දිනය යි. පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝ සත වෙත මහත් කරුණාවෙන් විමුක්තිය උදෙසා කැපකළ අප බුදුපියාණෝ පිරිනිවන් පා වදාළ දිනය යි.


තෙමඟුල සමරමු

වෙසක් දිනේ ලුම්බිණියේ
මහමායා මව් කුසිනේ
බෝසත් සිදුහත් කුමරුන්
වෙසක් දිනේ ඉපදුණේ

ගිහි ගෙයින් නික් මෙනවා
දුෂ්කර ජීවිතයක් ගෙව්වා
අප බෝසත් උතුමා
වෙසක් දිනේ බුදු වූවා

දහම් අමා පිරෙව්වාය
අසූ වියද එළඹුණාය
උපවත්තන සාල වනය
බුදුහිමි පිරිනිවන් පෑය


වෙසක් උත්සවය

එදා වෙසක් පෝය දවසක්. ලුම්බිණි සල් උයන පුරාම සුවඳ සල්මල් පිපුණා. දසත සුවඳ විසිරුණා. ඒ ලස්සන උයනේ දී බෝසත් උපත අසිරිමත් ව සිදුවුණා. පියුම් හතක් පිට කුමරුන් වැඩියා. වෙසක් පෝය දා සඳ එළියෙන් බුද්ධගයාව බැබළුණා. අසිරිමත් ජයසිරි මහා බෝ සෙවණේ බුදුබව ලැබුවා. මුලු ලොවට ම සෙත සැදුණා. වෙසක් සඳ බැස යමින් තිබුණා. කුසිනාරාවේ උපවර්තන සල් උයනේ දී බුදුරජාණන් වහන්සේ පිරිනිවනට පත්වුණා. මුළු ලොවම කම්පා වුණා.


වෙසක් තොරණ

බුදු තෙමඟුල් සිරි මවමින්
බොදු ගී හඬ පැතිරෙනවා
පාට පාට විදුලි බුබුළු
බුදු රැස් මාලා මවනවා
තොරණ ඉදිරිපිට රැස් වූ
පුංචි ළමයි වැඩිහිටියෝ
තොරණේ විසිතුරු කියමින් රූප බලනවා
තොරණේ ඉහළින් වැඩහිඳ
පැතිරෙන රැස් මාලා මැද
සිරි සම්බුදු හිමි සවනක් රැස් විහිදෙනවා
පාට විදුලි බුබුළු නටන
විරිදු ගයන කවි කියවෙන
බුදු තෙමඟුල් සිතුවම් ඇඳි
වෙසක් තොරණ හරිම ලස්සනයි
තිසර දහම් දිසානායක

 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]