[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සාමයට සමඟියට ආචාර සමාචාර

අභිවාදන සීලිස්ස - නිච්චං වුද්ධා පචායිනො - චත්තාරො ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණො සුඛං බලං
සිරි සුගත තථාගත අප සම්මා
සම්බුදුරජාණන් වහන්සේ දඹදිව දීඝලම්බක නුවර ආරණ්‍ය කුටියක වැඩවසන සමයෙහි “දීඝායු” කුමරු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.'දඹදිව දීඝලම්බක නුවර බමුණෙක් තවුස් රැකුමට වන වැදුණේ ය. අටසාළිස් වසක් තවුස්දම් පුරා යළි කුල පරපුර ආරක්ෂා කිරීමට බිරිඳක් සරණ පාවාගෙන කලක් ගතවන විට දරු සම්පතක් ලැබුණේ ය. දිනක් මෙම බමුණා හා බැමිණිය, එනුවර ආරණ්‍ය සෙනසුනක වැඩ සිටින බුදුරදුන් වැඳීමට පුතා ද රැගෙන පැමිණ බුදුන් වැන්දවිට “දීඝායුකොහොථ” දිගාසිරි වේවායි බුදුහු ආශිර්වාද කළහ. එහෙත් කුඩා දරුවා වන්දවනවිට එසේ කිසිවක් නොවදාළ සේක. එයින් සසල වූ බමුණා බුදුරදුන්ගෙන් එයට හේතු කාරණා විමසීය. මේ දරුවාගේ ආයුෂ හත්දිනක් පමණක් යැයි බුදුහු වදාළ සේක. දරුවා ජීවත් කරවීමට ගෙදර මණ්ඩපයක් කරවා හත්දිනක් නොකඩවා පිරිත් දේශනා කරවන්නට යැයි ද දක්වා වදාළ සේක. දරුවා රැගෙන බමුණා හා බැමිණිය වහාම ගෙදර ගොස් ගෙදර පිරිසුදු කොට මණ්ඩපයක් තනවා මහ සඟුන් වැඩම කරවූහ. උන්වහන්සේ වඩා හිඳුවා හත් දිනක් සිඟිති දරුවාට පිරිත් දේශනා කරවී ය. සත්වැනි දින අප බුදුරජාණන් වහන්සේ ද වැඩම කළ සේක. දෙවියන්ගේ පැමිණීම ද සිදුවිය.


 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]