[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

 අභියෝග ජයගැනීමට උට්ඨාන වීර්යය

යම් කාර්යයක දී එය නිසි වේලාවට නිසි පරිදි ක‍්‍රමානුකූල ව ආරම්භ කළ යුතු ය. එකී ආරම්භ කරන ලද කාර්යය කුමන බාධක අවහිරතා පැමිණියත් ඉදිරියට පවත්වා ගෙන යාමේ හැකියාව තමා සතු විය යුතු ය." එක් අවස්ථාවක අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කක්කරපත්ත නම් කෝලිය ගමට වැඩිය සේක. එහිදී දිනක් දීඝජාණු නම් කෝලිය පුත‍‍්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් නමස්කාර කොට එකත්පස් ව හිඳ මෙසේ පැවසී ය. ”ස්වාමීනි, අප පස්කම් සැප අනුභව කරමින්, දරුවන් නිසා වන කරදර සහිත ව, ගිහි ගෙදර වාසය කරමු. කසී රට සුවඳ විළෙවුන් දරමු. රන් රිදි මසු කහවණු භාවිත කරන්නෙමු. ස්වාමිනි, මෙසේ ජීවත්වන අපට මෙලොව හිත සුව පිණිස, පරලොව හිත සුව පිණිස උපකාර වන ධර්මයක් දේශනා කරන සේක් වා” එහිදී දීඝජාණු කෝලිය පුත‍‍්‍රයාගේ ඉල්ලීම අනුව බුදුරදුන් මිනිසාගේ මෙලොව හිත සුව පිණිස හේතුවන කරුණු හතරකුත්, පරලොව හිත සුව පිණිස හේතු වන කරුණු හතරකුත් දේශනා කොට වදාළහ. ”ව්‍යග්ඝපජ්ජය, කුල පුත‍‍්‍රයෙකුට ලොව හිත සුව පිණිස පවතින ධර්ම හතරකි. එනම්, උත්සාහ සම්පත්තිය ආරක්ෂා සම්පත්තිය, කලණ මිතුරු සම්පත්තිය, සමසේ දිවි පැවැත්ම නම් වේ. සර්ව බලධාරී දෙවි කෙනෙකු හෝ වෙනත් බාහිර පුද්ගල වස්තූන්ට නොව තමා පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ යුතු බව බුදු දහමෙන් පෙන්වා දී තිබේ. තමාගේ උත්සාහයෙන් වීර්යයෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කරන පුද්ගලයා මෙලොව දියුණුවට පත්වන බව ධර්මයේ සඳහන් වේ.


 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]