[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තමන්ට තමන් පහනක් වන්න

තමන්ට තමන් පහනක් වන්න

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පැහැදිලි වන්නේ අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන සෙවීම වැදගත් බවයි. භද්දවග්ගිය ශªමාරවරුන් තිස්දෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාන්තාවක් ගැන සොයනවාට වඩා තමන් ගැන සෙවීම වැදගත් බවයි. ඒ අනුව එම කූමාරවරුන් බුදුරදුන්ගෙන් බණ අසා පැවිදි භූමියට පත්ව රහතන් වහන්සේලා බවට පත් වූ සේක.

”අත්තාහි අත්තනෝ නාථෝ ”

තමාගේ ගැලවුම්කාරයා තමාම ය. - ධම්මපදය -

”අත්ත ද’පා විහරථ” තමන්ට තමන් පහනක් වන්න.

බුද්ධ චරිතයෙන් ද මීට අගනා උපදෙස් ලබා දෙයි. සිදුහත් බෝසතුන් හට පස්වග තවුසන් අත්හැර ගොස් තනිවම ආගමික වතාවත්වල යෙදීමෙන් උතුම් වූ බුද්ධත්වය පවා ලබා ගැන’මට හැකි විය.

අනුන්ගේ පරොස් බස් (පරුෂ වචන) ආදිය මෙනෙහි නොකළ යුතු ය. අනුන් කළ නොකළ දෑ ද සොයා නොබැලිය යුතු ය. තමා විසින් නොකළ වැඩ ගැන සොයා බැලිය යුතු ය. ඒ බුද්ධ දේශනාවයි.

වර්තමානයේ ලොවම වෙළා ගත් වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසය හමුවේ ශ්‍රී ලංකාවට ද රෝග භීතියෙන් පීඩා විඳීමට සිදුව ඇත. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් හුදකලාව ජීවත් වීම මෙම භීතියෙන් වැළක’මට තිබෙන එකම පිළියමයි. සිතන්නට පුරුදු වන්නාට හුදකලාව ස්වර්ගයකි යන වියත් වදනින් ද තහවුරු වන්නේ අනුන් ගැන සොයනවාට වඩා තම ශක්තීන් ප‍්‍රයෝජනයට ගෙන කි‍්‍රයා කිරිම වඩාත් උචිත බවයි. අද වන විට විශ්වවිද්‍යාල සිසුන් හා වියතුන් විවිධ අංශයන් හි සමත්කම් දක්වමින් අති නවීන වෛද්‍ය උපකරණ මෙන් ම තවත් බොහෝ නව නිපැයුම් නිර්මාණය කරන්නේ ඔවුනගේ ස්වකීය හැකියාවන් පදනම් කරගනිමිනි.

සමාජයේ වෙසෙන ඇතැම් අයගේ ස්වභාවය තම දියුණුව නොව අන් අයගේ වගතුග සොයා බලමින් ඕපාදූප කතා කරමින් සහ අනුනට ඊර්ෂ්‍යා කරමින් නිස්කාරණයේ කාලය වැය කිරීම ය. අන් අයට වල කපනවා වෙනුවට භේද විරහිතව සමානාත්මතා ගුණයෙන් හා ධනාත්මක චින්තනයෙන් එකාවන් ව නැඟී සිටීම කළ යුතුම ය. මේ පුංචි ශ්‍රී ලංකා ධරණී තලය ද මේ වන විට දේශපාලන පක්ෂ වශයෙන් කැඞී ඇත.

එහෙත් කොරෝනා නැමැති මාරයා හමුවේ හැමදෙනාම පුද්ගල තරාතිරමක් නොමැතිව එක සමානත්වයට පත් ව ඇත. ලෝකයේ බලවත් රාජ්‍ය මෙන් ම බලයෙන් අඩු රාජ්‍යයන් ද එක සමාන බවට පත්ව ඇත .මේ හැම දෙනාම මුඛ ආවරණ පැළඳීම, නිරතුරුව දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය (මීටරයක දුරස්ථභාවය) පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු ය. මෙම අවදානම් සහගත කොරෝනා රෝගය තුළින් අපට ලබා දෙන පණිවුඩය නම් සෘණාත්මක චින්තනයෙන් බැහැරව ධනාත්මක චින්තනයෙන් පොහොසත් ව කටයුතු කිරිමත් ස්වශක්තියෙන් නැඟී සිටීමත් ආදිය වඩාත් ප‍්‍රශස්ත බවයි.

මෙම රෝගී තත්ත්වය පැතිරීමට පෙර හැමදෙනාම කාර්යබහුල ජීවිතයක් ගත කිරීම හේතුවෙන් ඇතැම් පවුල්වල දෙමාපිය - දූ දරු සබඳතාවය, ස්වාමි - භාර්යා සබඳතාවය දුරස්ථව පැවතුණි. කොරෝනා රෝගී තත්ත්වය නිසා පවුල්වල සෞඛ්‍ය නිළධාරින් සහ ආරක්ෂක අංශවල නිළධාරින් හැර අනෙක් බහුතරයක් පවුල් ඒකක නිවසට වී පවුලේ සාමාජිකයන් සමග සහයෝගයෙන් ගෙදර වත්තේ යමක් වගා කරමින් කටයුතු කිවිමට ඉඩ ලැබීම අගය කළ යුතු පැත්තකි.

මෙම කාල පරාසය තුළ අධ්‍යාපන කටයුතුවල නියැළෙන අය ස්වෝත්සාහයෙන් පොත්පත් කියවා දැනුම වර්ධනය කර ගැනීම, ආගමික වතාවත්වල යෙදෙන අය තම නිදහස සහ විවේකය ඵලදායි ලෙස යොදා ගැනීම, ගොවි මහත්වරුන් තම වගාවන්වල යෙදීම ආදී කාර්යන් නිසා ස්වකීය ශක්තිය දියුණු කරගෙන නැඟී සිටීමට මෙම කාල පරාසය ඉතා වැදගත් ය. ගත වූ කාලය තුළ අප ලබා ගත් අත්දැකී ම් පදනම් කරගෙන ඉදිරි කාලය ද අර්ථවත් අයුරින් ගත කිරීමෙන් අපගේ ජීවිතවලට භෞතික වශයෙන් මෙන් ම ආධ්‍යාත්මික වශයෙන් ද නවෝදයක් ළගා කරගත හැකි ය.

කෙනෙකුගේ භෞතික සංවර්ධනය දියුණු කිවිමේ දී තමාගේ කැපවීම, වගවීම ආදිය ඉතා වැදගත් ගුණ ධර්ම වේ. ගම්වල මෙන්ම නගරවල ද ඇතැම් පිරිස් කඩපිල්වල ළඟිමින් බෝක්කු පාලම් උඩ අනුන්ගේ ඕපාදූප කියවමින් රන් හා වටිනා කාලය අපතේ යවන අයුරු ද අපට දක්නට ලැබේ. එසේ නොවී බුද්ධිමත් ව ක‍්‍රියා කරමින් පුස්තකාල භාවිතය, ස්වක’ය ගෙවතුවල විවිධ භෝග වගා කරමින් තම කෘෂි ආර්ථිකය ශක්තිමත් කර ගැන’මට කටයුතු කළ යුතු ය.

ජාතක කථා සාහිත්‍යයේ එන චුල්ලසෙට්ථි ජාතකයෙන් ද පැහැදිලි වන ආකාරයට එක් පුද්ගලයෙක් මහ මඟ මැරී සිටි මීයකු දැක එම මී කුණ රැගෙන ගොස් බළලූන් ඇති කරන නිවසකට ලබා දීමෙන් තමන්ට ලැබුණු සුලූ මුදලෙන් මල් උයන්වල මල් නෙළීමට පැමිණෙන අයට හකුරු කෑල්ලක් හා වතුර වීඞීරුවක් ලබා දී ඊට වඩා වැඩි මුදලක් උපයා ගත්තේ ය. මෙලෙස තම ව්‍යාපාර කටයුතු ටිකෙන් ටික දියුණු කරගත් එම පුද්ගලයා වසර ක’පයක් ගෙවී යාමත් සමඟ මහා පරිමාණයේ ව්‍යාපාරිකයෙකූ බවට පත් විය.

මෙවැනි උපදේශ ස්වකීය ජීවිතයට බද්ධ කරගෙන බැංකූ ණයක් ආදිය ලබාගෙන කුඩා වගාවන් හෝ ව්‍යාපාරයන් ආරම්භ කිවිම තුළින් තම ආර්ථිකය දියුණු කරගත හැකි ය. මෙලෙස සැලැස්මක් සහ මනා කළමනාකරණයක් සහිතව අරපිරිමැස්මෙන් ක‍්‍රියා කිවිමේ දී, මදයට හා ප‍්‍රමාදයට හේතූ වන මත්වතුර හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, අලසකම අත්හැරීම, නරක මිතුරන් ඇසුරු නොකිවිම, අවේලාවේ වීථි සංචාරයෙන් වැළකිම, උත්සාහය, අයවැය සමව පවත්වාගෙන යාම, ආරක්ෂා සම්පත්තිය, ඉතිරි කිරීමේ පිළිවෙත් ආදිය තම ප‍්‍රායෝගික ජීවිතයට හුරු වීම තුළින් තම ජීවිතය භෞතික වශයෙන් උසස් තත්ත්වයකට පත් කර ගත හැකි ය..

පංචශීල ධර්මය ආරක්ෂා කිරිම තුළින් තමාගේ ආධ්‍යාත්මික දියුණුව ඇතිකර ගත හැකි ය. එහෙත් කනගාටුවට කාරණය නම් පසුගිය ඇඳිරිනීතිය පැවති කාල ස’මාව තුළ නගරයෙන් මත්වතුර බෝතල් ගැනීමට නොහැකි වීම නිසා එයට ඇබ්බැහි වී හොර මත් වතුර ආදිය රහසේ නිෂ්පාදනය කරගෙන පානය කිරීමයි. එවන් අය නොයෙක් පැතිවලින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මෙයින් ද ප‍්‍රකට වන්නේ මෙවැනි ජාතික ආපදා අවස්ථාවක දී පවා ඇතැමුන්ට ඉවසීම පුරුදු පුහුණු කර ගත නොහැකි බවයි. ඒ තරමටම මතට ඇබ්බැහි වූවන්ගේ මනස විකෘති වී ඇති බවයි. මෙය සමස්ත ජාතියේ පරිහාණියට තුඩු දෙන්නකි.

බුදු දහමට අනුව උගන්වන්නේ හොඳ  විනයක් ඇතිව පන්සිල් සුරැකීම නිසා ආධ්‍යාත්මික සංවර්ධනයක් සිදූවන බවයි. තම ජීවිතාවබෝධය තුළින් අභියෝගවලට මුහුණ දීම ආධ්‍යාත්මික දියුණුවක් ලද අයට මෙවැනි ගැටලූ ඉතා සරල දේවල් බවයි.

තමන්ගේ දුබලතා හඳුනාගෙන තම තමාගේ ආධ්‍යාත්මික සංවර්ධනයට යොමු වීම තුළින් පුද්ගල සංවර්ධනය මෙන්ම පවුල් ඒකක සංවර්ධනය ද ගමේ නගරයේ සමාජයේ සංවර්ධනය ද පුද්ගල සංවර්ධනය ට බලපාන බව සක්සුදක් සේ පැහැදිලි ය.

 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]