[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මැටරඹ හේමරතන නාහිමියෝ ශ්‍රී සන්නස්පත්‍ර ලබති

මැටරඹ හේමරතන නාහිමියෝ ශ්‍රී සන්නස්පත්‍ර ලබති

මල්වතු මහාවිහාරයේ මංගලඋපෝෂථාගාරයේ උපාධ්‍යාය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පුද ලද ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මගුල් මහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති, හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, සද්ධර්ම භාරතීශ්වරාචාර්ය ශාස්ත්‍රපති මැරටඹ හේමරතන නාහිමියන් වෙත පෞරාණික චාරිත්‍ර ප්‍රකාරව ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීමේ පුණ්‍යොත්සවය ඉකුත් 22 වන දින මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගලඋපෝෂථාගාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිතුල්පව්ව මගුල් මහාවිහාර දායක සභාවේ අනුශාසක, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත උපහාර පිරිනැමීමේ අභිනන්දන උළෙල පෙබරවාරි 29වන දින ගාල්ල යටගල රාජමහ විහාරයේදී නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලාසනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ සිතුල්පව්ව මගුල් මහාවිහාර දායක සභාවේ සභාපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා ඇතුළු ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]