[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර විජයාරාම

අනුරාධපුර විජයාරාමය

වන වැදී තිබූ අනුරාධපුර විජයාරාම භූමිය සංවර්ධනය කිරීමේ අරමුණින් එහි ස්මාරක ගවේෂණය කර වාර්තාවක් එළි දැක්වෙන්නේ 2014 වසරේ ය. එම වෙසෙස් කටයුත්ත භාර වී තිබුණේ මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතාට ය. ඒ මහතා පවසන ලෙස එකල් හි එහි දක්නට ලැබුණේ සහමුලින් ම වනයෙන් වැසී ගිය, සර්පයින්ගෙන් ගහන, දඩයක්කරුවන්ගේ ග්‍රහණයට ලක් වූ භූමියකි. ගවේෂණය සඳහා ලේඛන පරීක්ෂා කිරීමේ දී 1984 වසරේ දී උතුරුමැද පළාත් ඒජන්ත අයිවර්ස් සහ එස්. එම්. බරෝස් මෙම නටබුන් දැකීමට ගිය බවත්, 1891 සිට 1893 දක්වා එච්. සී. පී. බෙල් විසින් නටබුන් පරීක්ෂා කොට ඇති බවත් ය. ඉන් වසර 125 ක් පමණ ගතවීමෙන් පසු මෙම ගවේෂණයේ අරමුණ වූයේ දැනට තිබෙන තත්ත්වය පූර්ණ වශයෙන් වාර්තා කිරීම ය. එහි දී පෙනී ගිය විශේෂත්වයක් වූයේ බෙල් මහතාගෙන් පසුව මෙම ස්මාරක බොහෝ සෙයින් විනාශ වී ගොස් ඇති බවකි. වල් බිහි වී ගිය, කාලයේ වැලිතලාවෙන් සැඟව යාමට ඉඩ තිබූ විජයාරාම භූමියේ, අති දුෂ්කර වූව ද එහි නටබුන් සොයාගොස් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනූ පුරා විද්‍යා භූමියක් බවට පත් කිරීම, පර්යේෂකයින්ගේ පර්යේෂණ කටයුතු සඳහා පහසු මගක් විවර කරදීම සුවිසෙස් මෙහෙවරකි. එය ලාංකේය ඉතිහාසයේ නව පිටුවක් පෙරළන්නකි. මේ කර්තව්‍යය සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ද එක් වේ.


මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]