[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

කැකිරාව, ඉහළගම ශ්‍රී ජිනරතනාරාමාධිපති විද්‍යාවේදී ධර්ම ගවේෂී රාජකීය පණ්ඩිත නාරම්මල සිරි සුමේධ හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, කැකිරාවේ ඉහළගම ශ්‍රී ජිනරතනාරාම විහාරස්ථානයට බුදු මැදුරක්, කැලණිය කොහල්විල පදිංචි පි‍්‍රයන්ත රණසිරි මහතා ඇතුළු ඥාති හිතවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර එම බුදු මැදුර ඉකුත් දුරුතු පුර පසළොස්වක පොහෝ දින පෙරවරුවේ විහාරස්ථානයේ දී විවෘත කෙරිණි.

සේරුවිල ගොවිජනපද ව්‍යාපාරයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් 10 - 11 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා අභ්‍යාස පොත් හා පාසල් උපකරණ පාර්සලය බැගින් ප්‍රදානය කිරීම සේරුවිල මංගල රජමහා විහාරයේ දී පසුගියදා සිදුවිය. සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක මංගල ධර්ම කීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම ප්‍රජා සත්කාර වැඩසටහන සේරුවිල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ. කුමාරසිරි මහතාගේ ඉල්ලීමක් පරිදි නැගෙනහිර පළාත් සෞඛ්‍ය සම්බන්ධීකරණ ලේකම් ලතා හරන් මහතාගේ මූලිකත්වයෙන් මුත්තූර් මහ රෝහලේ වෛද්‍ය නිලධාරී කණ්ඩායමකගේ පරිත්‍යාගයෙන් සිදු වූ අතර, එම අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
ඩී.ඒ. රත්නායක

 

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]