[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවට පින්කම්

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි

දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවට පින්කම්

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරීව වැඩ විසූ අපවත්වී වදාළ, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමිපාණන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම නිමිත්තෙන් පෙබරවාරි මස 03 වන දා සවස 06.30 ට විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී විශේෂ බෝධි පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එම ගුණානුස්මරණ පින්කමට සමගාමී ව පෙබරවාරි 04 වන දින බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම මඟින් සංවිධානය කරන අක්ෂි වෛද්‍ය සායනයක් ද, පෙබරවාරි 11 වන දින සවස මිහිඳු මෙත් මැදුරේ නේවාසික රණවිරුවන් උදෙසා ධර්ම දේශනාවක්, රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ ත්‍යාග පාර්සල් බෙදා දීමක් ද සිදු කෙරේ.

එමෙන්ම ප්‍රජා සංවර්ධන පදනමේ ආදී සාමාජිකයන් විසින් පෙබරවාරි 02 වන දා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් ද සංවිධානය කර ඇත. මෙයට අමතරව බෙල්ලන්විල විහාරස්ථ දායක සභාව විසින් පෙබරවාරි 16 වන දින ඇල්පිටිය, පිටිගල, මානම්පිට පුණ්‍යවර්ධනාරාමයේ දී ගම්වැසියන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීම, පාසල් දරුවන්ට අවශ්‍ය පොත් පත්, පොත් බෑග් හා නිලඇඳුම් බෙදාදීමක් ද සිදුකරනු ඇතැයි විහාරාධිකාරී ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමියෝ පවසති.

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]