[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

භගවා බුදු ගුණය

ලොව්තුරා මහා කාරුණික ධර්මරාජයාණන් වහන්සේ තමන් වහන්සේ විසින් තම නුවණින් අවබෝධ කොටගත් සියලු ධර්මය සාර - අසාර, පින් - පව්, කුසල - අකුසල ආදී වශයෙන් කොටස් ලෙස බෙදා දැක්වූ හෙයින් ද, කීර්තිය, ඉසුරුමත් බව, සෝභා සම්පන්න බව ආදී වූ ධර්මයෙන් ද, අභියෝග සියල්ලක්ම හමුවේ නොසැලී අභීතව වැඩ සිටීමේ ගුණයෙන් යුක්ත වූ හෙයින්ද,

බුදුරදුන් තමන් වහන්සේගේ මහාපුණ්‍ය මහිමය නිසාම සාමාන්‍ය මිනිස් ගුණ ධර්මයන්ට වඩා ඉතා අසමසම ගුණදම්, ලක්ෂණ පැවති හෙයින්, එනම් බෝධි සත්ත්වයන් ලෙස සසර සැරිසරා කළ පින්කම් බලයෙන් තිලොවම වෙනත් කිසිවකු නොලද දෙතිස් මහා පුරුෂ ලක්ෂණත්පැවති හෙයින් බුදුරජාණන් වහන්සේ ‘උතුම් වූ භගවා’ ගුණයෙන් යුක්ත වන සේක.


අප්පච්චි

සරමයි බැනියමයි අප්පච්චිගෙ හුරු ඇදූම
කරුමෙයි විපාකෙයි අප්පච්චිගෙ හුරු දහම
අම්මයි දරුකැලයි අප්පච්චිගෙ හුරු බැදූම
සතුටයි සාමයයි අප්පච්චිගෙ හුරු පැතුම

අම්මා සමඟ සමඟිය – නිවසේ පහනකි අප්පච්චි
දරුවන්ගේ සෙනෙහස – ලබනා දෙවියෙකි අප්පච්චි
නොලසේ දහඩිය – හෙළනා විරුවෙකි අප්පච්චි
පෝයට සීලය - රකිනා උවසුවෙකි අප්පච්චි


ප්‍රථම ධර්ම දේශනාව

ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව පස්වග තවුසන් උදෙසා දේශනා කළ සේක. බුදු දහමෙහි මූලික ඉගැන්වීම චතුරාර්ය සත්‍යය යි. එනම් ආර්ය වූ සත්‍යය සතර පිළබඳ ඉගැන්වීම යි. බුදුරදුන් තම ප්‍රථම ධර්ම දේශනාව ලෝකය ඉදිරියේ විවර කරමින් තමන් අවබෝධ කළ ඒ ගම්භිර වූ ශ්‍රේෂ්ඨතම සත්‍ය ලොවට වදාළ සේක.


අම්මා

දස මාසයක් කුස තුළ මා වැඩු අම්මේ
රෑ දහවල් වෙහෙස ව මා රැකි අම්මේ
ඔබ මගෙ ලෝකයයි ආදරබර අම්මේ
ඔබහට ලැබේවා තෙරුවන්ගේ සරණේ


මිණිපහන

දස මස කුස දරාගෙන
විඳි දුක් දන්නේ ඔබ පමණයි අම්මේ
මා නළවා උකුලේ තියාගෙන
සිනාව දුටුවේ ඔබමයි දුක් නිවාගෙන

මා වෙනුවෙන් ලේ කිරි කර පෙව් අම්මා
කවා පොවා උස් මහත් කළේ අම්මා
හොඳ නරක වෙන්කර කියා දුන් අම්මා
මතු භවයෙත් ඔබමයි මගේ අම්මා

දුක තද කරන් හිටියේ මට දුකක් නොදී
වැරහැලි ඇඳ ඔබ අපහට සිනාව දී
කෑමට රුචිකර මුල් කට මට ලබාදී
මතු භවයේ ඔබමයි මව නෑ පැරදී

මා ඉපදුණ දවසේ සිනහවෙලා අම්මා
පාසල් යවා මා ඇති දැඩි කළ අම්මා
අම්මේ ඔබට කියමි ගුණ නිම්මා
නිවසේ මිණි පහනයි මගෙ අම්මා


දහම් පාසල

දහම් පාසල යනු ළමයින්ගේ දහම් දැනුම වර්ධනයට උර දෙන ස්ථානයකි. දැනුම ලබාදීමට මනා දැනුමෙන් පිරි ගුරු මණ්ඩලයක් අවශ්‍ය වනු ඇත. අප දහම් පාසල තුළ ද එසේ දැනුමෙන් පිරි ගුරු මණ්ඩලයක් සිටියි. ඔවුන්තුළ කරුණාව, දයාව යන සංකල්ප දෙකම මනාව පිහිටා තිබෙ. අප දහම් පාසල දෙමහල් ගොඩනැගිල්ලකින් සියලු පහසුකම්වලින් සමන්විත ය. මගේ දහම්පාසල පිටුපස කුඩා වන පෙතකි. එම වනයේ සිටින සියොතුන් මිහිරි ලෙස ගී ගයන්නේ පුංචි අපේ සිත් ඇද බැඳ ගැනීමට මෙනි. අපේ දහම් පාසල එවැනි සුන්දර පරිසරයක නිර්මාණය කිරීමට බොහෝ වෙහෙස දැරුවේ අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලායි. එමෙන් ම දහම් පාසල් දරුවන්ගේ මව්පියෝ ද, පන්සලේ සියලුම දායකයෝ ද ඔවුන්ගේ දරුවන් දැහැමි දරුවන් කිරීමට මහත් සේ ඇප උපකාර කළහ. අපේ ස්වාමීන් වහන්සේගේ අනුදැනුමෙන් දහම් පාසල් දරුවන්ගේ දහම් දැනුම දිනෙන් දින දිලේවා!


රුවන්වැලි මහා සෑය

රුවන්වැලි මහ සෑය අනුරාධපුරයේ පිහිටා ඇත. එය දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලදී. රුවන්වැලිමහා සෑයේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ තැම්පත් කර ඇතැයි සඳහන් ය. මහා සෑය වටේට විශාල ඇත් පවුරක් ඇත. ස්වර්ණමාලි දෙව්දුවගේ නමින් ද රුවන්වැලි සෑය හඳුන්වයි. බෞද්ධ ජනතාව මහ සෑයට නිතර වැඳුම් පිදුම් කරයි.


අංගුලිමාල දමනය

බොරලස්ගමුවේ සෝමරක්ඛිත හිමි
01 වන වසර
ශ්‍රී ප්‍රඥානන්ද පිරිවෙන මහරගම


හොඳ පුරුදු

සනුගි නෙසාදි
5 වන ශ්‍රේණිය
ශ්‍රී සුවිශුද්ධාරාමය වැල්ලවත්ත


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

615 ඩබ්ලිව්. ඩී. ධම්මින්ද හිමි - 04 වන ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය – හඳපානාගල

616 ඒ. අජිතනන්ද හිමි - මූලික ශ්‍රේණිය
පරමිත ධර්මායතන පිරිවෙන

617 මතීෂ මිහිදුම් සංකලන - 09 වන ශ්‍රේණිය
ශ්‍රී ධර්මරක්ෂිත ධර්ම විද්‍යාලය – පමුණුව

618 ඒ. පී. මිනුල සඳිත්මා ගුණරත්න - 04 වන ශ්‍රේණිය
තල්ගහපිටිය ශාන්ත සේවියර් කනිටු විදුහල – මුගුණුවටන

619 දිලුෂා දෙව්මිණි - 06 වන ශ්‍රේණිය
ශ්‍රී සුදර්ශනාරාමය – පනාපිටිය


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

ඉන්දීය සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව පිළිබඳ ව නිර්මාණාත්මක ව ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා ත්‍යාගයක් පිරිනැමේ.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 24 වනදා සිකුරාදා පූර්ව භාග 02.17 ට ලබයි. 25 වනදා සෙනසුරාදා පූර්වභාග 03.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 02 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]