[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

සත් වගට සෙත් කළොත් දෙලොව දීම අසහාය සම්පත්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අප්පමාදේන මඝවා
දේවානං සෙට්ඨතංගතෝ
අප්පමාදං පසංසන්ති
පමාදෝ ගරහිතෝ සදා

සුපින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසන සමයෙහි ‘මහාලී’ නම් ‘ලිච්ඡවී’ රජ කුමරුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. ලිච්ඡවී රජවරු මහත් ඉසුරෙන් වැජඹෙන අතර, සක්දෙව් රජ පිළිබඳව ඇති අසහාය සම්පත් ගැන අප බුදුරදුන් විසින් දේශනා කළ විස්තර අසා දැන ගන්නට ඉතා ආශාවෙන් සිටිති. මෙම මහාලී කුමරු ද සක්දෙවිඳු පිළිබඳ, උපත හා සැප සම්පත් පිළිබඳව බුදුරදුන්ගෙන් විමසා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුගේ උපත හා එවන් අසහාය සම්පතක් ලබා ගැනීමේ අතීත මහා කුසල බලමහිමය ද විස්තර කර දුන් සේක. පෙර කලෙක මගධ රට ‘මචලගම’ මඝ නම් තරුණයෙක් යහපත් ගුණයෙන් හා නුවණින් සම්පූර්ණ ව තවත් තරුණයන් තෙතිසක් සමඟ ස්වේච්ඡාවෙන් ම ශ්‍රමදාන කටයුතු අරඹා ගම රට දියුණු කරන්නට පටන් ගත් හ.ක්‍රීඩා භූමි ශුද්ධ පවිත්‍ර කිරීම, ළිං, පොකුණු සෑදීම, මං මාවත් ශුද්ධ පවිත්‍ර කොට ගමනාගමන පහසුකම් සැලසීමා දී පරාර්ථකාමී ව සේවය කරති. මෙවන් උතුම් සත්ක්‍රියාවන් පිළිබඳ ව නුරුස්නා සිතින් ක්‍රියා කළ ගම්මුදලිතැන රජතුමා ට ගතු කියා මඝමානවක ප්‍රධාන පිරිස රාජ උදහසට ලක්කොට රාජ දඬුවම ට යටත් කරවී ය.


උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]