[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, විශ්‍රාමික විදුහල්පති තෝරපිටියේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස සහ ලේක්හවුස් ආයතනයේ කළමනාකරණ කර්තෘ (විශේෂ ප්‍රකාශන) ඉන්දික කුඩාහෙට්ටි යන මහත්වරුන් පිළිම වහන්සේ නිරාවරණය කළ අවස්ථාව.

කොස්සින්න රජමහා විහාරය

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව අවධියෙහි සිදු කළ දුෂ්කරක්‍රියා අවධිය නිරූපණය කෙරෙන ප්‍රතිමා වහන්සේ සහ අලංකාර ප්‍රතිමා ගෘහයක් පසුගිය ඉල්පුර පසළොස්වක ‍පොහෝදින ගණේමුල්ල කොස්සින්න යටවත්ත රාජමහා විහාරයේ දී සැදැහැවත් ජනයාගේ වන්දනාව පිණිස නිරාවරණය විය. කෝට්ටේ යුගයේ හයවන ශ්‍රී පරාක්‍රමබාහු රජ සමයට අයත් එම විහාරස්ථානය ප්‍රදේශයේ ඇති සම්භාවනීය පුදබිමකි. එම ස්ථානයෙහි ඓතිහාසිකත්වය කියැවෙන හොඳම සාධකය වූයේ කුඩුමිරිසේ සෙල්ලිපියයි. පිතෘ මහරජාණන් සමයෙහි බමුණන් සන්තක කර පිදූ කොස්සින්න ගම්වරය තෙරුවන් සන්තක කර පිදූ බව එම සෙල්ලිපියේ සඳහන් වේ. ක්‍රි.ව. 1835 දී පමණ නුංගමුවේ පියදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම ස්ථානයට වැඩමකර පැරැණි නටබුන් මත විහාරස්ථානය ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර ඇත.‍ නුංගමුවේ ශ්‍රී පියදස්සී හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර කොස්සින්න රාජමහා විහාරය වර්තමානය දක්වා සංවර්ධනය කරවූවා පමණක් නොව, ප්‍රදේශය පුරා වෙහෙර විහාර ඉදිකරමින්...


උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]