[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඡත්තපාණි උපාසකතුමා බුදුරදුන් හමුවීම

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 03 වනදා අඟහරුවාදා අපරභාග 11.14 ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 04 වනදා බදාදා ය.

මීළග පෝය දෙසැම්බර් 11 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

ස්වර්ණමාලී මහා සෑ රදුන් වෙත පළඳවන ලද නව චූඩා මාණික්‍ය බොදු දනන්ගේ සාදු නාද මැද නිරාවරණය කෙරේ.

ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට අභිනව චූඩා මාණික්‍ය පළඳවා ස්වර්ණාලේප කරන ලද කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඉකුත්දා (26) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි ඇතුළු මහා නාහිමිවරුන් ප්‍රමුඛ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමි ඇතූළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය සිදු කළහ. ඒ සඳහා පූර්ණ දායකත්වය දැක්වූයේ විශ්ව පාරමී පදනම මගිනි.

තුන් සිත පහදා කරන පින්කම උතුම්

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන සියලු පූජාවන්ගෙන් ලැබෙන පින අසීමිත යි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරන මල්, පහන්, ගිලන් පස, දැහැත් , බෙහෙත්, ඖෂධ, දාන මාන ආදී පූජාවෝ විපාක දෙන්නේ කල්ප ගණනින්. සියලුම සැප සම්පත් ලබා දෙන පින්කමක්. බුදුරජාණන් වහන්සේ නමක් නොමැති කාලයක එවැනි පින්කම් කළ නො හැකි යි. ඒ නිසා කවුරුත් බුද්ධ ශාසනය පවතින තුරා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන්, චිත්ත ප්‍රසාදයෙන් යුක්තව තුනුරුවන් වැඳ නමස්කාර කරන්න. බුදුන් වහන්සේගේ කාලයේ සුමන නමින් සැදැහැවතෙක් රජගහනුවර වාසය කළා. ඔහු දිනපතා ම බිම්බිසාර රජතුමාට සමන් මල් නැළි අටක් බාර දී රජතුමාගෙන් තෑගි බෝග ලබා ගන්නවා. එක්තරා දිනයක රජ මාලිගයට සමන් මල් රැගෙන යන ඔහු අබියසට බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළා. සවණක් ඝන බුදු රැස් විහිදුවමින්, සන්සුන් ගමනින් විශාල සඟ පිරිසක් පිරිවරා වැඩම කරන බුදුන් වහන්සේගේ දසුනින් සුමන මල් කරුවාගේ සිත ශ්‍රද්ධාවෙන් පැහැදී ගියා.

 

ධර්ම දේශනාව:

මරණය අබියස අසරණ නොවීමට...

නමෝ තස්ස් භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“ගබ්බමේකේ උප්පජ්ජන්ති
නිරයං පාප කම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්ති
පරිනිබ්බන්ති අනාසවා”

ජරා , මරණ දුකින් පීඩා විඳින සත්වයාහට ඉන් නිදහස් වීම පිණිස මාවත විවර කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පමණි. උන්වහන්සේ පහළ වන අවධිය මරණය හා මරණින් පසු පැවැත්ම පිළිබඳ අවදි කමක් පැවති අවස්ථාවකි. බුදුසමයේ දක්නට ලැබෙන “විපරිණාමය” යන වචනය නිරතුරුව වෙනස්වීම අර්ථවත් කරයි. එය භාග්‍යවතුන් වහන්සේගේ මුව මඬලේ උපන් සුන්දර වචනයකි. ලෝකයේ පවතින සංඛත, අසංඛත ධර්මයන් වෙනස්වීමට විශාල කාල පරාසයක් අවශ්‍ය නොවේ. ඔබටත්, මටත් අද රාත්‍රීය අවසාන රාත්‍රිය විය හැකි ය. කුඩා මදුරුවෙකුට වූව ද, මේ ජීවිතය උදුරා ගත හැකි බව මතක තබාගෙන කටයුතු කිරීම වැදගත් වේ. මේ ජීවිතයේ අවසානය, මරණය යනුවෙන් ද හැඳීන්වීම වරදක් නැත. උපන් සත්ත්වයා මරණය කරා ළඟාවේ. එය සුළං කවුළුවක හදන කුරුලු කූඩුවක් තරමට ම අවිනිශ්චිත ය. බුද්ධ දේශනාවට අනුව ගවයෙකු ගවඝාතනාගාරයකට දක්කන්නේ යම්සේ ද, උපන් සත්වයා ජරා මරණ දුක කරා ළඟා වේ. ගවඝාතනාගාරයට ළඟා වූ විට ගවයා අතිශය අසරණ භාවයට පත් වේ.


බුදුදහම හා සොබාසිරිය

සමස්ත බුද්ධ වචනය සූත්‍ර, විනය, අභිධර්මය යනුවෙන් තුන් පිටකයේ වෙන්කොට වසර ගණනක් මුළුල්ලේ භික්ෂූන් වහන්සේලා විසින් මහත් උත්සාහය ගෙන කටපාඩමෙන් පවත්වාගෙන අවුත් මාතලේ අලු විහාරයේ දී ග්‍රන්ථාරූඪ කරන ලද බව ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. එයින් සූත්‍ර පිටකයෙහි බුද්ධ දේශිත සූත්‍ර දේශනාවන්හි සෞන්දර්යාත්මක රසවින්දනය පිළිබඳ පැහැදිලි ඉගැන්වීම් බොහෝ සෙයින් හමු වේ. සෞන්දර්යය යනු සුන්දරත්වය හෝ සොඳුරු බවයි. විවිධ භාෂාවන්ගෙන් සෞන්දර්යය පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් වී තිබේ. සුන්දරත්වය ප්‍රකට කෙරෙන්නේ කලාව හරහා ය. කලාව යනු කාව්‍ය, නාට්‍ය, සංගීතය, චිත්‍ර මූර්ති හා සාහිත්‍ය යන අංගයන්ගේ එකතුවයි. කලාවේ උත්තරීතර අරමුණ නම් සොබා දහමේ ඇති විවිධ අරමුණු රසවත්ව නිර්වචනය කරමින් ඉදිරිපත් කිරීමයි.එක් පසෙකින් කලා නිර්මාණය හා සෞන්දර්යය රසාස්වාදය ලෙස සැලකේ. සෞන්දර්යාත්මක කලා නිර්මාණයන් සඳහා දැඩි වූ මිනිස් මනස වෙඬරු පිඩක් සේ මෘදු කළ හැකි යැයි විශ්වාසයක් පවතී. සියල්ලටම කලා නිර්මාණය බිහි කිරීමේ හැකියාව නැති වුව ද, රස විඳීමේ හැකියාව ද ඇත. එය ද විවිධ ආකාර වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]