[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

නිදහස් අධ්‍යාපනයේ පියා

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හැඳින්වෙන මෙතුමාගේ නම ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ය. 1884 ඔක්තෝබර් 13 වන දින උපත ලැබුවේ අම්බලන්ගොඩ රන්දොඹේ දී ය. අම්බලන්ගොඩ වෙස්ලි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙතුමා වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙනි. මෙතුමා මුලදී ගුරවරයෙකි. පසුව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස දිවුරුම් දෙනු ලැබී ය. සමාජ සේවයට විශාල කැප කිරීමක් කළ ඔහු, 1915 දී සිංහල මුස්ලිම් කෝලාහලය ඇති වූ අවස්ථාවේ දී එම ජනතාව බේරා ගැනීමට කටයුතු කළේ ය. ඔහු 1931 සිට 1947 දක්වා අධ්‍යාපන අමාත්‍ය ධූරය හෙබවී ය. එහි දී ලංකාවේ අධ්‍යාපනය නඟා සිටුවීමට මහත් කැපවීමකින් ක්‍රියාකළ අතර, ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබා දීමට මුලින් ම යෝජනා කළේ ද එතුමා ය. එසේම බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබාදිය යුතු බවට යෝජනා ගෙන ආවේ ද එතුමා ය.

****

අපේ පන්සල ....

අනඳමෙත් සිතිවිලි පෙළින් සිත පින පිරීයයි
සුමංගල හිමි සඳින් පුරවර දිලී යයි
මහාධිකාරම් දායකයෙන් ඉඩකඩ වෙන්වෙයි
සාංඝික ශ්‍රී සුදම් විය ශ්‍රී නමින් වැජඹෙයි

වෙහෙර වහන්සේ කිරිපාටින් දිලිසෙන්නේ
බෝ මළුවත් ඒ අසලම දිස්වන්නේ
මිහිඳු මහරහත් සඟමිත් තෙරණිය සිහිවන්නේ
දම් ශාලාවෙන් අභිමානය දෙන්නේ

****

මව් ගුණ

මහසයුර තරමටම ආදරය පෙන්වා
ගුණදම් රකින්නට නිති ඔවා දුන්නා
නිරතුරුව යහමගම යන්න මග පෙන්වා
අම්මේ ඔබ මට ආදරය දුන්නා

****

විපාක

පස් පව් දස අකුසල් කළ පුහුදුන්
ගොස් තිර දුක් විඳි රුදු කර පාපින්
පත් තිසරණ ගුණ යුත් දන පිරිපුන්
ලත් සැනකින් නික්මෙයි ගොර සසරින්

****

ගුරු බැතිය

දෙන සිප් සතර සිසු කැළ වෙත නිති සුරුව
සිප් කිරි පොවන විට සැම භේදය දුරුව
දරුවන් වෙතට නැණ බෙදමින් සිටි සුරුව
නමදිමි නිතින් සිඹ පායුග ගුරු තරුව

ජීවන ගමනෙ මතු දියුණුව සදා දෙන
මා වෙත නිතින් ගුණ දම් හැම ලබා දෙන
මව්පිය සෙනෙහෙ අඩු නැතිවම බෙදා ගෙන
ගුරු මව් පියවරුනි දිවි මග සදා ගෙන

****

මිනිසා ගේ සිතිවිලි

සමහරු ගල් සොයන්නේ ගොඩනැගිලි හදන්නට නොවේ. මිනිසුන්ට ගහන්නටයි. වැලි සොයන්නේ පවුරු බඳින්නට නොවේ. මිනිසුන්ට ගහන්නයි. මඩ සොයන්නේ ගොවිතැන් කරන්නට නොවේ, මිනිසුන්ට ගහන්නයි. තමන්ගේ වර්ගයා සමඟ තිබෙන තරගකාරී ජීවන රටාව නිසා, පළිගැනීම් ඉහළ යයි. කඳුළු උනන්නේ තමන්ගේ ඇස්වලට පමණයි යන හැඟීම, තමන් පමණක් ජීවත් විය යුතු යැයි කියන සිතිවිල්ල නිසා බුද්ධිමත් යැයි කියන මිනිසා පිරිහී ඇත. මෙය තාක්ෂණික දෝෂයක්වත්, නව සොයා ගැනීම්වල දෝෂයක්වත් නොවේ. මිනිසාගේ සිතිවිලිවල ම දෝෂයන් ය

****

බෞද්ධ සිද්ධස්ථාන

යාපනයේ බෞද්ධ විහාර කීපයකි. නාගදීපය, දඹකොළපටුන, කදුරුගොඩ විහාරය ඒ අතර ප්‍රධාන වේ. නාගදීපය බුදුන් වහන්සේ දෙවනි වරට ලංකාවට වැඩම කළ ස්ථානය යි. දැනට මෙහි පවතින විහාරය ලංකාවේ පැරැණිම සිද්ධස්ථානයකි. එහි ඉතා මනරම් චෛත්‍යයක් , බෝ මළුවක්, බුදුමැදුරක් , පිහිටා ඇත. එහි පෙන හතත් සහිත නාගයා ඉතා අලංකාර නිර්මාණයකි. දඹකොළ පටුනේ පිහිටි විහාරය ද ඓතිහාසික ව ඉතා වැදගත් ය. සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රීමහා බෝධිය රැගෙන ලංකාවට ගොඩබැස්සේ මෙම ස්ථානයෙන් ය. අපවත් වූ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ තැන්පත් වූ කුඩා ස්ථූප රැසක් කදුරුගොඩ විහාරය තුළ දක්නට ලැබේ.

****

අපේ පන්සල

****

පින්බර විහාරය

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]