[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගලේවෙල දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් තරගාවලියේදී 10 වැනි වරටත් ප්‍රථම ස්ථානය ශ්‍රී සුමන දහම් පාසලට

ගලේවෙල දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් තරගාවලියේදී

10 වැනි වරටත් ප්‍රථම ස්ථානය ශ්‍රී සුමන දහම් පාසලට

ගලේවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් 2019 සැප්තැම්බර් 08 වැනි දින පැවැත්වු දහම් පාසල් නිපුණතා ඇගයීම් තරගාවලියේ දී නොකඩවා 10 වැනි වරටත් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාගොල්ල විහාරස්ථානයේ ශ්‍රී සුමන දහම්පාසල සමත්වී ඇත. එහිදී ප්‍රථම ස්ථාන 10 ක් ලබා ගැනීම විශේෂ සිද්ධියක් වන අතර ඒ ඒ ඉසව්වලින් හා ශ්‍රේණිවලින් ප්‍රථම ස්ථාන දිනා ගත් සිසුන්ගේ නම් මෙසේ ය. පද්‍ය හා ගාථා ගායනා – 01 වැනි ශ්‍රේණිය, ජී.ජී. චතුර කාවින්ද කරුණාරත්න, 03 වැනි ශ්‍රේණිය එන්.ඩබ්ලිව්. ජී.ඩී. අභිශේක් ශිවන්ත රණතුංග, 06 වැනි ශ්‍රේණිය පී.ජී. පබෝධා මධුභාෂිණී ජයසේකර

දහමු දැනුම – 03 වැනි ශ්‍රේණිය ඒ.ජී. ආශිංසා නිම්නාදී පි‍්‍රයදර්ශණී, 04 වැනි ශ්‍රේණිය එස්.නෙතුම් විරුණ සුභසිංහ, 05 වැනි ශ්‍රේණිය ඒ.එම්.සඳුනි අමා සෙනෙවිරත්න කථික -07 වැනි ශ්‍රේණිය ඒ.ජී. චලනි ප්‍රමෝද්‍යා ඒකනායක , 09 වැනි ශ්‍රේණිය පී.ජී. සාරද දිල්ෂාන් ආරියරත්න, අවසාන ශ්‍රේණිය ආර්.ජී. රංසික හේමාල් පාලි ගාථා ගායනය – 08 වැනි ශ්‍රේණිය ජී.එම්.ඒ.පාරමී ලක්මී සුගන්ධිකා බණ්ඩාර මෙම දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ලෙස සාම විනිසුරු මැදබැද්දේ වජිරඤාණ හිමියන් හා නියෝජ්‍ය විදුහල්පති ලෙස ඊ.ජී.නිශාන්ත රත්නායක කටයුතු කරන අතර 25 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයක් සිසුන්ට දහම් දැනුම ලබා දෙති. සිසුන් 430 ක් එහි අධ්‍යාපනය ලබති.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]