[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පිරිනිවනට වැඩි සේක අනුබුදු මිහිඳු මා හිමි

අපගේ ශාස්තෘ වූ සම්බුදු රජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සාල වන උද්‍යානයේ දී පිරිනිවන් යහනෙහි වැඩ සිටිමින්, මේ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදු සසුන පිහිටන ද්වීපය බව පෙන්වා වදාළ සේක. එමෙන් ම ලක්දිව මිනිස් වාසය අරඹන විජය කුමරු ඇතුළු සත්සියයක් පිරිසට ආරක්ෂාව සලසන ලෙස සක් දෙවිඳුට නියම කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය සැබෑ කරමින් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ, ලක්දිවට ශාස්තෘන් වහන්සේ නමක් බඳු (සත්ථු කප්පෝ) ගෞතම බුදු සසුන, ලක්දිව පිහිටුවා වදාළ සේක. ලංකාවාසී ගිහි, පැවිදි අප සියලු දෙනාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුදු ගුණ මහිමය, ශ්‍රී සද්ධර්මයේ අපමණ ගුණ කඳ, ආර්ය සංඝ රත්නයේ පිවිතුරු ගුණ දැනගත්තේ අපගේ පරම කල්‍යාණ මිත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේට පින් සිදුවන්නට ය. මේ ලංකාධරණී තලයෙහි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ නො වන්නට ලොවෙහි නිර්මල බුදුවදන් කවුරු නම් දනිත් ද? ඒ ත්‍රිපිටක සම්බුදු වදන් ලක්දිවට දායාද කළෝ මිහිඳු මහ රහතන් වහන්සේ ය. ලක්වැසියන්ට සුගති රැකවරණයත්, මගඵල අමා නිවනත් දායාද කළ මිහිඳු මහ රහතන් වහන්සේට කෘතගුණ සලකා කෙසේ නම් අවසන් කරන්නට ද? අපට අනුබුදු බුදු අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍ර වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ උත්තම චරිතාපදානයෙන් ස්වල්ප මාත්‍රයක් හෝ කෙනෙකුට ඉගෙන ගන්නට ලැබීම වාසනාවක් ම ය .


වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]