[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

බෙල්ලන ඤාණවිමල මහා නාහිමි නොපළ ලිපි

කර්තෘ - ශාස්ත්‍රපති චාමික මුණසිංහ
ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස - මරදාන

අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහා නාහිමි සමඟ ශාස්ත්‍රපති චාමික මුණසිංහ විසින් සාකච්ඡා කොට පුවත්පත්හි පළ වූ ලිපි කිහිපයක් මෙම ග්‍රන්ථයට උපුටාගෙන ඇත.

කෙටි කලකට මනු ලොවට ආ අපට බුද්ධෝත්පාද කාලයක් මුණ ගැසීම තරම් පරම දුර්ලභ තවත් භාග්‍යයක් සැබවින්ම තිබිය හැකිද? එසේ ම තථාගත ශ්‍රී සද්ධර්මය ඇතැඹුලක් සේ හසල දැනුමැති මහා යතිවරුන් මෙකල හමුවීම ද මිලකළ නොහැකි සතුටක් බව කතුවරයා කියයි.

සසර සයුරේ සදහම් ප්‍රදීපාගාරය, අග මුල නැති නූල් බෝලයක් වගේ ජීවතය පටලවා ගන්න එපා, පිරිමියාට හොඳ දේ කාන්තාවට නරක වන්නේ ඇයි? ආදී මාතෘකා අටක් ඔස්සේ මෙම ග්‍රන්ථය ඔබ අතට පත්කර ඇත.


මහා පිරිත් පොත

කර්තෘ - ආචාර්ය දෙවුන්දර ශ්‍රී වාචිස්සර නා හිමි
නව සැලසුම – මකුළුදූවේ ශ්‍රී පියරතන නා හිමි
ප්‍රකාශකයෝ - සී/ස ඇම්.ඩී. ගුණසේන සහ සමාගම

පිරුවානා පොත් වහන්සේ නම් යුත් මහ පිරිත් පොත නව සැකසුමක් ලෙස ඔබ අතට පත්කර ඇත. බුද්ධ දේශිතය පිරිත් ය. බුදුරදුන් විසින් අනුදන්නා ලද පිරිත් ය. පිරිත් දෙසීමෙන් කැරෙන්නේ සත්‍ය ක්‍රියාවකි. පිරිත් බලය කා වැදුණු දිය බින්දුව වැනි දැයෙන් පවා සත්නට සෙත් සැලැසෙයි. එහෙයින් බෞද්ධයන් පිරිතට දක්වන ගෞරවය ගෞරවයෙක් ම ය. පිරිත් ඇතුළත් පොතට පවා පිරිත් පොත් වහන්සේ, පිරුවානා පොත් වහන්සේ යන ගරු නාමයෙන් බෞද්ධයෝ සැලැකුම් කරති. එනිසා මෙම මහ පිරිත් පොතින් ගිහි පැවිදි දෙපක්ෂයට ම අභිමතාර්ථ සිද්ධිය සලසාගත හැකිවනු ඇති බව මකුළුදූවේ ශ්‍රී පියරතන නා හිමියන්ගේ අදහසයි.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]