[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය

දළදා ගමන් මාලිගාව

 

අස්ගිරි මහා විහාර පරිශ්‍රයේ පිහිටා තිබෙන සුවිශේෂ ස්ථාන අතර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය ඓතිහාසික වශයෙන් ද, පූජනීයත්වයෙන් ද සැදැහැවතුන්ගේ ගෞරවයට යොමු වන පුණ්‍ය භූමිය කි. ඓතිහාසික සෙංකඩගල පුර මහනුවර නගරය ඉදිකරනු ලැබුවේ හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු දවස සිරිවර්ධන සෙනවිරත් සේනාපති කුමරු විසිනි. මෙම නගර නිර්මාණයත් සමඟ ඉදිකළ ආගමික මධ්‍යස්ථානයක් ද විය. එම ආගමික මධ්‍යස්ථානය එදා සිට අද දක්වා හඳුන්වනු ලබන්නේ අස්ගිරි මහ වෙහෙර නමිනි. අස්ගිරි විහාරයට එම නාමය ලැබී ඇත්තේ මීට අවුරුදු හත්සියයකට පෙර, එනම් 1312 වර්ෂයේ සෙංකඩගල නුවර අභිනවයෙන් ඉදිකරන ලද ආරණ්‍ය සේනාසනයට භික්ෂූන් වහන්සේ වැඩම කරනු ලැබූ යාපහුපුර අච්ඡගිරි හෙවත් අස්ගිරි විහාරවාසී භික්ෂූන් නිසා ය. මෙරට අවුරුදු සියයක් සම්පූර්ණ වූ යම් ඉදිකිරීමක් වේ නම් එය පුරාවස්තුවක් වශයෙන් ඇගයීමට යොමු වේ. ඒ අනුව අවුරුදු හයසියයකට අධික කාලයක් ගත වූ නිර්මාණයකට සුවිශේෂ ඇගයීමක් හිමි විය යුතු ය. එබඳු සුවිශේෂ ස්ථානයක් වශයෙන් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය පිළිබඳ සැලකීමේ දී 2013 වර්ෂයට අවුරුදු හයසියපනහක් සපිරිණි. පේරාදෙණි පුරය රාජධානිය කරගෙන සිටි තුන්වන වික්‍රමබාහු මහ රජතුමා ස්වකීය මෑණියන් වූ චන්ද්‍රාවතී බිසව අභාවයට පත් වූ පසු ඇය සිහිවීමට සිදුකළ විශේෂ පුණ්‍ය කර්මය වූයේ ඓතිහාසික ගෙඩිගේ විහාරය ඉදි කර පූජා කිරීම යි. ආරම්භයේ දී මෙම විහාරය ඉතාමත් දැකුම්කළු විහාරස්ථානයක් වශයෙන් පැවැති බව සිතිය හැකි ය.


නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]