[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යතිවර ප්‍රතිභා නිපුණතා

යතිවර ප්‍රතිභා නිපුණතා

කොටගම පඤ්ඤාසේකර හිමි

යතිවර ප්‍රතිභා විශේෂ නිපුණතා කලා උළෙලෙහි දහම් දැනුම අංශයේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ද 2012 ,2013 වර්ෂය යතිවර ප්‍රතිභා විශේෂ නිපුණතා දෙවෙනි ස්ථානය ද මරදාන ශ්‍රී පධානගර මහා පිරිවෙන නියෝජනය කරමින් කොටගම පඤ්ඤාසේකර හිමියන් හිිමි කරගෙන ඇත. 2014 වර්ෂය නිට්ටඹුව ශී‍්‍ර විද්‍යානන්ද මූලික පිරිවෙන නියොජනය කරමින් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ධර්ම දේශනා අංශයේ ගම්පහ දිස්ත්‍රික් දෙවෙනි ස්ථානය ද, 2015 වර්ෂයේ නැවත එම තරගාවලියේ ම ප්‍රථම ස්ථානය ද ඒ හිමියන් අත් කරගෙන ඇත. 2018 වර්ෂයේ මූලික පිරිවෙන් විභාගය සම්මාන සහිතව ගෞරවනාම සහිත ව අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරස්ථ පතිරාජ මූලික පිරිවෙන තුළින් ලබා උසස් අධ්‍යාපනය සමත් විය. 2018 වර්ෂය තුළ කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල ධීරානන්ද උසස් අධ්‍යාපන විද්‍යායතන විද්‍යාලයෙහි ඉගෙනුම ලබන ඒ හිමියෝ 2018 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමයා සහ සමස්ත ලංකා ප්‍රථමයා ධර්ම දේශනා කුසලතා විශිෂ්ට සම්මාන හිමිකරගනිමින් 2019 වර්ෂයේ ද ගම්පහ දිස්ත්‍රික් අන්තර් පරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ දේශන කුසලතා තෙවෙනි ස්ථානය 2019 දී හිමිකරගෙන ඇත. උන්වහන්සේ මීවල ශ්‍රී ජනනන්දනාරාම පුරාණ විහාරාධිපති කොටගම පඤ්ඤාසිරි හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වේ.

කොටගම පඤ්ඤානන්ද හිමි

2012 වර්ෂයෙහි අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය කළා උළෙලේ ආගමික කටයුතු කුසලතා අංශයේ ප්‍රථම ස්ථාන ද එම අංශය ම සමස්ත ලංකා දෙවන ස්ථානය හිමි කර ගත්තේය. 2018 වර්ෂයේ අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ආගමික හා ධර්ම දේශනා අංශයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. 2019 වර්ෂයේ එම තරගා වලියේ ම දෙවෙනි ස්ථානය හිමිකරගත් අතර 2019 වර්ෂයේ මූලික පිරිවෙන් අවසාන විභාගයේ විශිෂ්ට ලෙස සමත් රාජකීය පණ්ඩිත විභාගය ට අධ්‍යාපනය ලබමින් සිටින අතර විශේෂයෙන් කුඩා කල සිට කාව්‍ය ධර්ම දේශනා හැකියාව ද ඇත. අත්තනගල්ල අරහන්ත රාජ මහා විහාරස්ථ පතිරාජ පිරිවෙනින් අධ්‍යාපනය ලබති.

කොටගම පඤ්ඤාවංශ හිමි

2018 වර්ෂයෙහි අන්තර් පාරිවේණික හා භාෂා සාහිත්‍ය තරගාවලියේ අත් අකුරු අංශයෙහි ගම්පහ දිස්ත්‍රික් දෙවෙනි ස්ථානය එම තරගාවලියේ ම ආගමික හා ධර්ම දේශනා 2019 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමිකරගත්තේය. අත්තනගල්ල අරහන්ත රජ මහා විහාරස්ථ පතිරාජ මූලික පිරිවෙන පිරිවෙනින් අවසාන විභාගයට අධ්‍යාපනය ලබන අතර මීවල ශී‍්‍ර ජනනන්දනාරාම පුරාණ විහාරාධිපති හිමියන්ගේ ශිෂ්‍ය රත්නයකි.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]