[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පළමු පොරොන්දම

පළමු පොරොන්දම

" විවාහය සිදු කරන අවස්ථාවක දී වුවත් හොඳම නැකැත සකසා ගැනීම කළ යුතුයි. දෙදෙනෙකු විවාහ දිවියට පත්වන අවස්ථාවේ දී විවාහ දිවියට පත්වන දෙපළත්, ආදරණීය මව්පිය දෙපාර්ශ්වයත් පේ විය යුතුයි. දරුවන්ගේ ජීවිතවලට මව්පියවරු හරිම සෙනෙහසින් ක්‍රියා කළ යුතුයි."


සිල්වත්ව ගුණවත්ව සිටින විට ප්‍රබල අකුසල කර්ම වළක්වා ගත හැකියි. එහෙත් ප්‍රබලම පාප කර්ම වෙනස් කරගත නොහැකියි.

නවසිය අනූ නවදෙනෙක් මරණයට පත්කළ අහිංසක අංගුලිමාල අවසානයේ ඒවාට විපාක නොමැතිව නිවනට පත් වූ බව ඔබ අසා ඇත. ඕනෑම කර්මයක් කුසලය ප්‍රබල වුවහොත් ආනන්තරිය පාප කර්ම හැර ප්‍රබල පාප කර්ම වෙනස් කළ හැකියි. එහි දී ප්‍රබල විය යුත්තේ කුසලය ම යි. ජීවිතයේ කරන සෑම ක්‍රියාවක දී ම බුදුරජාණන් වහන්සේගේ දේශනාව කුමක්දැයි සොයා බැලීමට පුරුදු කර ගත යුතුයි. හොඳින් සොයා බලා, ඉතා නිවැරැදි ව කටයුතු කළ යුතුයි. එසේ නිවැරැදිව කටයුතු කරන විට හැම දෙනා අතර පි‍්‍රයශීලි අයෙකු බවට පත් වේ. එබඳු තැනැත්තාට ලැබෙන්නේ ධර්මෝපදේශයන් ය.

තමා කල්පනා කළ යුත්තේ, ධර්ම පුස්තකයක් රැගෙන මෑතකදී කියවා බැලුවාද? එසේ කියවා බලා ගත නොහැකි වුවහොත් එය විශාල අඩුපාඩුවක් වනු ඇත. ධර්ම ශ්‍රවණය ඉතාම යහපත් ක්‍රියාවකි. එසේ ශ්‍රවණය කිරීමෙන් පසු නැවත මතකයේ පවතින්නේදැයි විමසා බැලිය යුතුයි. අවම වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග ටිකවත් මතකයේ පවතිනවාදැයි විමසා බැලීමට පුරුදු පුහුණු විය යුතුයි.

අපි අපගේ ජීවිතවල පුදුම තරම් දුක් විඳිමු. දුකින් නිදහස් වීමේ මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සොයා නොබලන්ට එය මෙනෙහි නොකරයි. අවසන් මොහොත දක්වාම අතෘප්තිකරව ජීවත්වනු ලැබේ. තම දෑස පියවී ගෙන යන මොහොතේ දී පවා තම දරුවන් ළඟට එනු ඇතැයි සිතමින්, කල්පනා කරමින් ජීවිත ගත කරනු ලැබේ.

අවසානයක් නොමැතිව කරන වැඩ පිළිවෙල අවසන් කිරීමේ කාලය යි, පැමිණ තිබෙන්නේ .එය කළ නොහැකි දෙයක් නොවේ. වැරැදි දේ පසු පස නොයා යුතුයි.

එමෙන්ම මේ ගැන ද සිතා බැලීම වටී. බුදුරජාණන් වහන්සේ නැකැත් පිළිබඳව දේශනා කර තිබෙනවා ද? නැද්ද ? නැකතට කටයුතු කළ යුතුයි. හොඳම නැකතට එසේ කළ යුතුයි. එකල ඉන්දියාවේ පැවැති දුර්ලභ වු නැකතක් විය . එනම් එය සත්විධ නැකැත ලෙස හඳුන්වනු ලැබේ. ඒ සත්විධ නැකතටත් වඩා හොඳ නැකතක් තමා යොදා ගෙන කටයුතු කළ යුතුයි.

ඒ සත්විධ නැකතටත් වඩා මේ වටිනා නැකත කුමක්ද? පිරිසුදු කාය කර්ම, වාග් කර්ම, මනෝකර්ම සහිතව යම්කිසි ක්‍රියාවක් යම් තැනැත්තකු ආරම්භ කරනවා ද? කයෙන්, වචනයෙන්, සිතෙන් වැරැදි නොකර ශාන්ත වු වැඩ පිළිවෙළක් තමා ආරම්භ කරන්නේ ද? එය සත්විධ නැකැතට වඩා වටිනාකමක් පවතී.

අපි යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරමු යැයි සිතන්න. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිථ්‍යාචාර, ඉවත් කළ යුතුයි. ඊළඟට මුසාවාද, පිසුණාවාච, පරුසාවාච, සම්පප්ප්‍රලාප ඉවත් කර පේවිය යුතුයි. ව්‍යාපාරය ආරම්භ කරන සතියේදීවත් අප ඒ සඳහා පේ විය යුතුයි.

එසේ කළ යුත්තේ පිරිසුදු වූ නැකතක් සාදා ගැනීමට යි. ලෝභ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර ආදියෙන් පුළුවන්තරම් ඈත් විය යුතුයි. අනතුරුව ශාන්තව නැකත ආරම්භ කළ යුතුයි. ඒ අයුරෙන් සැලසුම් කරගත යුතුයි.

විවාහය සිදු කරන අවස්ථාවක දී වුවත් හොඳම නැකැත සකසා ගැනීම කළ යුතුයි. දෙදෙනෙකු විවාහ දිවියට පත්වන අවස්ථාවේ දී විවාහ දිවියට පත්වන දෙපළත්, ආදරණීය මව්පිය දෙපාර්ශ්වයත් පේ විය යුතුයි. දරුවන්ගේ ජීවිතවලට මව්පියවරු හරිම සෙනෙහසින් ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ ජීවිතවල වටිනා සහ තීරණාත්මක අවස්ථාවල දී ඔවුන් වෙත නිරන්තරයෙන්, හදවතින් ම ආශිර්වාද කළ යුතුයි. දෙදෙනෙකු විවාහවීම නිමිත්තෙන් අන් අයට සංග්‍රහ කළ යුතුයි. ඉතින් ඒ ඤාති මිත්‍රාදීන් වෙත කරන සංග්‍රහයේ දී ඊට මත්වතුර ඈඳා ගනිමින්, සීලය කඩ කරමින් එවැනි යහපත් දේ ආරම්භ කරනවා ද? එසේ වුවහොත් නැකත යනුවෙන් දැනට භාවිත කරනුයේ බොහෝ දෙනා සිල් බිඳ දැමීමේ අවස්ථාවක් බවට පත්වී තිබේ. එසේ වුවහොත් බොහෝවිට විවාහය අසාර්ථක බවට පත්වේ. විවාහයක දී පොරොන්දම් බැලිය යුතු ද? දෙදෙනාගේ ම තිබිය යුතු යි අවම වශයෙන් පන්සිල් ආරක්ෂා කළ යුතුයි යන අදහස, එසේ වුවහොත් පළමු පොරොන්දම ගැළපුණා වේ.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.48 ට ලබයි. 17 වන දා බදාදා පූර්ව භාග 03.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 25 වන දා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]