[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධිසිල් ලබති

අධිසිල් ලබති

දෙහිගම යසස්සි හිමි,  හුන්නස්ගිරියේ තිස්ස හිමි

අත්තනගල්ල රජමහා විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක, ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ සහ තත් විහාරවාසී ශාස්ත්‍රපති කුරවලානේ සිරිසිවීලී හිමි සහ අලවල සමිත යන හිමිවරුන්ගේ ශිෂ්‍යයන් වහන්සේලා වන දෙහිගම යසස්සි හිමියන් සහ හුන්නස්ගිරියේ තිස්ස හිමියන් මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී ඉකුත් 13 වන දා අධිසිල් ලැබූහ.

මහියංගනය රිදීමාලියද්ද සියඹලා අත්නාගොඩ මාවිට ගමගේ ප්‍රේමතිලක සහ වාහල මුදියන්සේලාගේ චන්ද්‍රාවතී දම්පතීන්ගේ පුත්‍රරත්නය වන දෙහිගම යසස්සි පොඩිහාමුදුරුවෝ අත්තනගල්ල ශ්‍රී පතිරාජ පිරිවෙනින් සහ නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරිවෙනින් අධ්‍යාපනය ලබා ඇත.

හුන්නස්ගිරිය දේනාපිටිය පදිංචි අබේසිංහ මුදියන්සේලාගේ තිලකරත්න බණ්ඩා සහ ක්‍රිෂ්රාම සෙනෙවිරත්න වාසල මුදලිගේ ලීලාවතී දම්පතීන්ගේ පුත්‍ර රත්නය වන හුන්නස්ගිරියේ තිස්ස හිමියෝ අත්තනගල්ල ශ්‍රී පතිරාජ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා දැනට වල්ලියැද්ද ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතනයේ උසස් අධ්‍යාපනය ලබති.

*****

කොත්මලේ පඤ්ඤකිත්ති හිමි, පින්නගොල්ලේ විමලකිත්ති හිමි

නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ කොත්මලේ පඤ්ඤාකිත්ති සහ පින්නගොල්ලේ විමලකිත්ති යන සාමණේර හිමිවරුන්ගේ උපසම්පදා මහෝත්සවය මහනුවර මල්වතු මහාවිහාරයේ උපෝසථාගාරයේ දී 08 වැනි දින පැවැත්වීමට නියමිතව තිබිණි.

එම හිමිවරු දෙනම යටියන්තොට ශ්‍රී නන්දාරාමාධිපති විශ්‍රාමලත් පිරිවෙන් ගුරු විදුහල්පති බොස්සැල්ලේ ධම්මාවාස හිමියන්ගේ සහ නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති, නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨාධිපති, කෝරළතුන හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක කොටගම වාචිස්සර හිමියන්ගේ ශිෂ්‍යයන් වේ.

උපසම්පදා වූ භික්ෂු දෙනම පිළිගැනීමේ උත්සවය 09 වැනි දා නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ ලක්ෂ්මන් අමරසූරිය සහ එම විද්‍යාලයේ වත්මන් ආචාර්යවරියක වන චන්ද්‍රිකා පි‍්‍රයදර්ශනී යන දෙපළගේ පුත් වන කොත්මලේ පඤ්ඤාකිත්ති හිමියන් සහ මුදියන්සේලාගේ සුදුබංඩා සහ මුදියන්සේලාගේ කමලාවතී යන දෙපළගේ පුත් වන පින්නගොල්ලේ විමලකිත්ති යන හිමිවරුන් මෙලෙස උපසම්පදා ලැබූහ.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]