[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් විත්ති

පොත් විත්ති

“සිත සතිය සහ ප්‍රඥාව"

පරිවර්තක - තිලක කුඩාහෙට්ටි
ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම

ගම්දොර අන්දරය, රේවතීගේ සාපය, අකාල මේඝය, නාග රාක්ෂ, භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසීන් හා මන්ත්‍රකරුවන් සමග භාරත මහා සෘෂි රාමනා යන නවකතා සහ පරිවර්තන කෘති රචනා කළ ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කළ අලුත්ම කෘතිය ‘සිත සතිය සහ ප්‍රඥාව‘ මේ මස 18 වැනිදා දයාවංශ ජයකොඩි සහ සමාගමේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරේ.

මෙහි ඇතුළත් දේශනාවලින් දෙකක් හැර සෙසු දේශනා හැම එකක්ම ආචාර්ය මහා බෝවා හිමියන් විසින් දේශනා කොට ඇත්තේ ඇටමිදුළු පිළිකාවකින් උග්‍ර ලෙස දුක් විඳිමින් සිටි උන්වහන්සේගේ අනුගාමිකාවක වූ පොව් පංග වතනකූල් මහත්මියගේ යහපත උදෙසා ය. ඒ , අය තම කායික වේදනාව සමඟ සටන් කිරීම සඳහා භාවනාව ප්‍රගුණ කිරීමට බාන් ටාඩ් ආරාමයට පැමිණි අවස්ථාවල ය. මෙම ග්‍රන්ථය කියවා බලා තමන්ගේ අකුසල් මුල් තුනී කොට භව ගමන කෙටි කරගත හැකිවෙතැයි පරිවර්තකගේ අදහසයි.


බුද්ධෝත්පාද ලෝකය

කර්තෘ - ශාස්ත්‍රපති චාමික මුණසිංහ
ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස

සක්වළ දැක්ම සහ බඹලොව ගමන , සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා, අබුද්ධස්ස කාලයේ බුදු සසුන, සහ අජරාමර ලෝකය ආදී බෞද්ධ ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ ශාස්ත්‍රපති චාමික මුණසිංහගේ නවතම කෘතිය බුද්ධෝත්පාද ලෝකය නමින් නොබෝදා එළිදැක්විණ.

අනාගත වංශය සහ මෙත් බුදු සිරිත සහිත බුද්ධෝත්පාද ලෝකය ග්‍රන්ථය සාහිත පොත් පියස මගින් ප්‍රකාශයට පත්කර තිබේ. පෙර බුදුවරු සහ මතු බුදුවරු, අධර්ම යුගයේ ආයුෂ පිරිහේ, මේ නම් ලෝක විනාශ නේද, ආයු වර්ණ පිරි කේතුමති රජ දහන සහ මෙතේ බුදුන් දැක නිවන් දකින්නෝ ආදී මාතෘකා රැසකින් යුතුව කියවීමට රුචියක් ඇතිවන පරිදි මෙම ග්‍රන්ථය ඔබ අතට පත්කර ඇත.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]