[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

එස්.ජේ.එම්.බී. සමරකෝන් මහතා දෙහිමල්ගොල්ල, කන්දේපුහුල්පොල වැලිමඩ පදිංචිය දරන අතර වයස අවුරුදු 55 ක් වන බව කියයි. වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලී අයෙකු වෙතින් අපේක්ෂා කෙරේ. 0711887318, 0756360036


යක්කල කොස්කඳවල, ලිපිනයෙහි පදිංචි බී. ජයතිස්ස 36 හැවිරිදි වියේ පසුවන අතර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් “ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. 0773381890 යන දුරකතන අංකයෙන් වැඩි විස්තර දැනගත හැකි බවද කියයි.


වයස 32 ක් වන අයෙකුගේ වකුගඩු දෙකම අකි‍්‍රය තත්ත්වයට පත්ව ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇති බව කියයි. ඕනෑම වර්ගයක වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හෝ සොයා දීමට උපකාර කිරීමට කැමති පුද්ගලයෙකු ඇත්නම් පහත දුරකතන අංකයන්ට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ. 0773862787 /0773512955


වකුගඩුවක් පිරිනමන්නැයි ඉල්ලීමක්

දෙහිඕවිට, හිල් හවුස් හී අංක 75 නිවසේ පදිංචි, අවුරුදු 52 වයසැති දෙදරු මවක් වූ සී.කේ.පී.එම්. පිල්ලේ මහත්මිය වසර තුනක සිට දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. වසර 26 තිස්සේ දියවැඩියා රෝගයෙන් පෙළෙන ඇයගේ ජීවිතය බේරා ගැනීම පිණිස වකුගඩුවක් බද්ධ කිරීම වහාම සිදුකළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවද කියයි.

තම බිරිඳගේ ජීවිතය බේරා ගැනීම පිණිස උපකාරීවිය හැකි “ඕ” වර්ගයේ රුධිරය සහිත පින්වතෙකුගෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වන ලෙස ඇයගේ ස්වාමි පුරුෂයා වන පිල්ලේ මහතා ඉල්ලීමක් කරයි. පිල්ලේ මහතාගේ 077 446 7006 දුරකථනයට හෝ ඇයට උපකාරී පිණිස ඉදිරිපත්වී සිටින මැණික් මෙන්ඩිස් මහත්මියගේ 0777 352 118 දුරකථනයට ඇමතුමක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී.


අක්මාව බද්ධ කිරීමේ ශල්‍ය කර්මයට ආධාර පතයි.

කිරම කැබැල්ලකැටිය 268/ඒ ඉහත ලිපිනයෙහි පදිංචි වයස අවුරුදු 5 වන ගගන සංකලන මල්ලවආරච්චි පුතාට අක්මාවක් බද්ධ කිරීම සඳහා විශාල මුදලක් වැයවන බව දරුවාගේ පියා පවසයි. අගෝස්තු මස වනතුරු මුදල සොයා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර එම පියා බලාපොරොත්තු වේ. 82640791 ලංකා බැංකුව, 120 - 2 - 001 - 5 - 0036742 මහජන බැංකුව, 071 1818015, 0772548280 දුරකතන අංක වෙතින් විස්තර දැනගත හැකි වේ.


“ඒ” හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් 50 වියැති එක් දරු පියෙකුට ඉතා ඉක්මනින් අවශ්‍ය බව කියයි. අවුරුදු 27 - 45 අතර වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කාරුණික අයෙක් වෙතොත් 076 9395056 දුරකථනයෙන් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]