[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධාලෝක පොසොන් උදානය 15 - 18 දක්වා

බෞද්ධාලෝක පොසොන් උදානය 15 - 18 දක්වා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව දහ අට (18) වන වරටත් බෞද්ධාලෝක වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කළඅතර, එය අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරය නිසා අවලංගු කරන්නට යෙදුණි. වර්තමානයේ දී අප රටේ ආරක්ෂක තත්ත්වය යහපත් බැවින් සම්මේලනය විසින් බෞද්ධාලෝක පොසොන් උදානය නමින් එළඹෙන පොසොන් පොහෝ දිනට පෙර දින සිට දින හතරක් (ජුනි මස 15 දින සිට ජුනි 18 දින දක්වා) පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී.

ඒ අනුව පොසොන් පොහෝ දින උදෑසන සිට සවස දක්වා පවත්වනු ලබන සීල සමාදාන වැඩසටහන ද, ජුනි මස 15 සහ 16 දෙදින තුළ මහනුවර ගෙඩිගේ රජමහා විහාරස්ථානයෙන් වැඩම කරවනු ලබන සර්වඥ ධාතුන් වහන්සේ සැදැහැවත් බෞද්ධ ජනතාව සඳහා වැඳපුදා ගැනීමට පස්වරු 6.30 සිට බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී අවස්ථාව සලසා දීම සහ ජුනි මස 15 වන දින සිට 18 දින දක්වා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ දී ඉදි කරනු ලබන පොසොන් තොරණ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙහිදී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ ආරම්භක දිනයේ දී (ජුනි 15 දින) ත්‍රිවිධ හමුදා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කණ්ඩායම් සහභාගීත්වයෙන් සම්බෝධි විහාරස්ථානයේ සිට සම්මේලනය දක්වා පෙරහරකින් ධාතුන් වහන්සේ වැඩම කරවනු ලැබේ.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]