[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ලෝකයේ සෑම දුකකටම මූලික හේතුව අවිද්‍යාවයි

"සත්ත්වයාගේ භව සන්තතියේ දී ප්‍රධාන වූ ධර්ම දෙකක් ඇත. එනම් අවිද්‍යා තණ්හාවයි. සුගතිගාමී කර්මයන්ට භව තණ්හාව විශේෂයෙන් හේතුවන අතර, අවිද්‍යාව දුගතිගාමී කර්මයන්ට හේතුවන්නේ ය." සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන්වහන්සේ සත්ත්වයාගේ පැවැත්ම හා එයට හේතුවත්, එයින් වන ප්‍රතිඵලයත් ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් දැන වදාළ සේක. තත්ථ කතමා අවිජ්ජා දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධෙ අඤ්ඤාණං,දුක්ඛ නිරෝධ ගාමිණීපටිපදාය අඤ්ඤාණං ,පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු අඤ්ඤාණං යනුවෙන් වදාළ පරිදි දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැසීම නොදැනීම, දුක් නැති කිරීමේ මාර්ගය නොදැනීම, පෙරඅන්තය, අපරන්තය, ඒ දෙකම නොදැනීම, හේතුඵල ධර්මය නොදැනීම යන මේ අටවැදෑරුම් කාරණා නොදැනීම අවිද්‍යාව නම් වේ. විද්‍යාව හෙවත් පැවැත්මේ යථාර්ථය නොදැනීම අවිද්‍යාව නම් වන්නේ ය. සත්ත්වයා ලොව ඇති වූ දා පටන් වර්තමානය දක්වා පෞද්ගලිකව හා පොදුවේ ඇති වූ, ඇතිවන සෑම ව්‍යසන මාත්‍රයක් ම අවිද්‍යාව නිසා ම සිදුවූ වග මානව ඉතිහාසයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. එහෙත් එය ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන දේශනා කරන්නට තරම් කිසිම කෙනෙකු බුදුරදුන්ට පෙර ලෝකයේ පහළ වී නැත.


වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]