[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර අටවක 2019.05.12

ලෝකය ලස්සන වන්නේ මෙත් සිත පැතිරවූ තරමට ය

අවිහිංසාවාදී බව බෞද්ධයකු තුළ තිබිය යුතු මූලික ගුණාංගයකි. පංච ශීල ප්‍රතිපදාවේ පස්වැනි ශික්ෂා පදයෙන් අවධාරණය කරන්නේ අවිහිංසාවාදී බවයි. බෞද්ධයෙකු නම් ඒ සිල්පද තම ප්‍රාණය හා සරිකොට සුරැකිය යුතුම ය.

මේ මිහිපිට ජීවත්වන සියලු ප්‍රාණීන්ට ජීවත් වීමේ අයිතියත්, නිදහසත් තිබිය යුතු ය. යම් තැනෙක එය ගිලිහී යනවා නම් එය ජීවත්වීමට සුදුසු පරිසරයක් යැයි අර්ථ දැක්විය නො හැකි ය.

අපගේ ශාස්තෘන් වහන්සේ සෑම ආකාරයකම හිංසාව හෙළා දුටුවහ. උන්වහන්සේ දේශනා කොට වදාළේ මේ මිහිපිට සියලු ප්‍රාණීන්ට මෛත්‍රිය දක්වන ලෙස ය. හිතවත් ව, සානුකම්පීව ක්‍රියා කරන ලෙස ය. එතැන දී තවත් කෙනෙකුට එරෙහිව දඬු මුගුරු, අවි ආයුධ පරිහරණය සිදු නොවිය යුතු ය. මුළු ලෝකය පුරා වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී යුද ගිනි, දේශ දේශාන්තර ගැටුම් උද්ගත වී ඇත්තේ අවිහිංසාව, හිතානුකම්පාව, සානුකම්පී බව මිනිස් හදවත් තුළින් ගිලිහී යාම නිසා ය. කෲරත්වයෙන් , ම්ලේච්ඡත්වයෙන් ගිනිගෙන දැවෙන ලෝකයට සම්බුදු දහම ඒ ගිනි නිවාලන අමා දිය දහරක් ම ය. කළ යුත්තේ සියලු දෙනා අවංකවම එය ජීවන ප්‍රතිපදාවක් බවට පත් කර ගැනීම ම ය.

අවිහිංසාව බෞද්ධයකුට පමණක් සීමා වූ ගුණධර්මයක් නොවේ. මනුෂ්‍යත්වය අගයන, මනුෂ්‍යත්වයට ගරු කරන ඕනෑම ආගමක් අගය කරන වටිනා ගුණධර්මයකි. එය ඉක්ම වන්නේ මිථ්‍යා දෘෂ්ඨික අදහස්වලින් පිරි අන්තවාදී නොමිනිසුන් ම ය.

තමන්ගේ ජීවිතය තවත් කෙනෙක් විසින් උදුරාගනු ලබනවාට කිසිවෙක් නො කැමැති ය . සියල්ලෝ ජීවිතයට පි‍්‍රය ය . මරණයට බියය . හිංසාවට. පීඩාවට, කෲරත්වයට ලක්වීමට නො කැමති ය. එවැනි පරිසරයක රජයන්නේ බිය හා වෛරී සහගත බවයි. සම්බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ භයට සහ වෛරයට මූල සාධකය ප්‍රාණඝාතය බව ය. කවර හෝ බලාපොරොත්තුවකින් ප්‍රාණඝාතයක් සිදු කළ ද එය සිදු කළ පුද්ගලයාට තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව සංතුෂ්ඨියක් ලද නොහැකි ය. සමාජයේ වෛරයට ලක්වීමෙන් වැළකීමට ද නොහැකි ය.

ලෝකය ලස්සන වන්නේ සෑම දෙනාම සතුටින් ජීවත් වන විටය. අප කළ යුතු ඊට දායක වීම ය. අන්‍යයන්ද ඊට පෙළඹවීම ය. අඩුම තරමේ තමන් අන්‍යයන්ට ආදර්ශවත් වන සේ ජීවත් විය යුතු ය. එවිට ඒ පණිවුඩය තමන් ගෙන් පවුලට පවුලෙන් ගමට, ගමෙන් රටට, රටෙන් ලෝකයට ද යනු ඇත. තමන් හැදී රට හැදිය යුත්තේ එලෙස ය.

එදා බුද්ධ කාලීන භාරතීය සමාජයේ බ්‍රාහ්මණයන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ම්ලේච්ඡ ක්‍රියාවන්හි නිරත වූහ. යාග හෝම, බිලි පූජා වෙනුවෙන් සිය දහස් ගණන් සතුන් මෙන්ම මිනිසුන්ට ද දිවි දෙන්නට සිදු විය. ඒ අමානුෂිකත්වය බැහැර කළ සම්බුදු දහම යාගය වෙනුවට දානය වදාළහ. එය දයාව, කරුණාව අනුකම්පාව පෙරදැරි කරගත්තක් විය. සම්බුදු දහම අවධාරණය කරන්නේ මිතුරන්ට සේම සතුරන්ට ද මෛත්‍රිය වඩන ලෙස ය. ඒ තුළ සුරැකෙන්නේ අවිහිංසාවයි. එතැන දී සමාජයට ලැබුණේ සතුටයි. සංහිඳියාවයි. අනුන් හැදෙන තුරු බලා නොසිටිමු. තමන් හැදී රටත් හදමු. සතුරු මිතුරුකම් නොබලා සියලු සතුන්ට මෙත් සිත පතුරවමු. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම සුරකිනවා යන බුදු වදනම සිහියට නගමු. ක්‍රියාත්මක වෙමු.

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]