[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පාස්කු ඉරිදා මියගිය පිරිස සිහිකර පත්තර මහගෙදර පහන් දල්වයි

පාස්කු ඉරිදා සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට සතියක් ඉක්ම වූ ඉකුත් 28 වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීමේ වැඩසටහන් රට පුරා පැවැත්විණි. ඊට සමගාමීව පත්තර මහ ගෙදර ඉතිහාසයේ පිටුවක් පෙරළමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් ලේක්හවුස් ප්‍රධාන දොරටුව අබියස දී ආගමික වැඩසටහන් පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ විදුලිපහන් නිවා ඉටිපන්දම් හා පහන් දල්වමින් මියගිය අය සිහි කිරීමද විශේෂත්වයකි. කොළඹ 02 ගංගාරාමාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, උළමා සංවිධානයේ මුසර්ෆ් නවුෆර් මවුලවිතුමන්, සංදර නාරායන්කුරුක්කල් තුමා ඇතුළු ආගමික නායකයන් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු සේවක සේවිකාවෝ විශාල පිරිසක් ඊට සහභාගි වූහ.


බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]