UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොහොරබාවේ විමලතිස්ස නා හිමි

පොහොරබාවේ විමලතිස්ස නා හිමි

පොහොරබාවේ විමලතිස්ස නාහිමියන්ගේ පැවිදි දිවියේ තිස්පස්වන වසර සපිරීම නිමිත්තෙනි

රත්නපුර පොහොරබාවේ දෙණියේ ගෙදර ශ්‍රද්ධාවන්ත පවුලක් වූ විතානගේ පොඩි අප්පුහාමි හා වීරකුට්ටි ආරච්චිලාගේ දෝන ඇලිස්නෝනා දම්පතීන්ට 1968 පෙබරවාරි 12 දින පුණ්‍යවන්ත පුත්රුවනක් ලැබිණි. හේ නමින් විතානගේ ගාමිණී කමල් නම් විය.

මූලික අධ්‍යාපනය පොහොරබාවේ මහ විදුහලින් ලැබූ අතර ඉගෙනීමට වඩා මහණදම් පිරීමට ආශාවක් දක්වන බව වටහාගත් මව්පියන් මූලික බණ දහම් හැදෑරීම සඳහා පොහොරබාවේ මෙත්තාරාමාධිපති මාපොටේ නාගිත නාහිමියන් වෙත එම කුමරුවා මුලින් භාරකළ අතර 1983 ජනවාරි 03 දින ඇහැලියගොඩ මදරසිංහාරාමාධිපති පන්නිල ධම්මතිලක නාහිමියන් වෙත භාරකෙරිණි. ඉගෙන ගත යුතු බණ දහම් මනාලෙස ප්‍රගුණ කර 1984 මාර්තු 14 දින පන්නිල ධම්මතිලක නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා රැකව ජිනරතන නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පොහොරබාවේ විමලතිස්ස නමින් සසුන් කෙතට ඇතුළත් විය.

1985 දී විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූ අතර පිරිවෙන් අවසන් විභාගයෙන් ද්විතීය සාමාර්ථයක් සහිතව සමත් විය. 1987 සිට ඉද්දමල්ගොඩ විහාරස්ථානයේ වැඩ වාසය කළ අතර 1988 දී මල්වතු මහා විහාරයේ දී උපසම්පදා භූමියට පත් විය. 1992 දී ඉද්දමල්ගොඩ දෙනගමු විහාරස්ථානයේ විහාරාධිකාරී වශයෙන් පත්වීමෙන් පසු එවකට ගරා වැටෙමින් තිබූ පැරැණි විහාරස්ථානය දායක පිරිසගේ සහයෝගය ඇතිව සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කිරීමට සමත් වූ අතර තම නාහිමියන් අපවත් වීමෙන් පසු විහාරාධිපති ධූරයට පත් වූ අතර, අභිනවයෙන් දර්ශනීය වාහල්කඩක් ඇතුලු විහාරාංග කිහිපයක් ම ඉදිකිරීමට කටයුතු කළහ.

1994 දී ආචාර්යවරයෙකු වශයෙන් ඇහැලියගොඩ බුළුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙන් ගුරු මණ්ඩලයට එක්වූ අතර තම දක්ෂතා මත 2007 දී නියෝජ්‍ය පරිවේනාධිපති ධූරයට ද 2010 දී පරිවේණාධිපති ධූරයට ද පත්විය. ගිහි පැවිදි සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය හදාරන ජනප්‍රියතම විද්‍යායතන මහපිරිවෙනක් දක්වා වැඩිදියුණු කිරීම සඳහා ඇප කැප වී ක්‍රියා කළහ.

සියම් නිකායේ ප්‍රාදේශීය සංඝ සභාවක් පිහිටුවීම සඳහා සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවීමෙන් කටයුතු කළේ ය. තම විහාරස්ථානයේ සතර පේරුවේ දායක පිරිසගේ සියලු ආගමික සමාජයීය කටයුතු මනාලෙස ඉටුකරන අතර විහාරස්ථානය මුල්කරගෙන පවත්වාගෙන එනු ලබන දහම් පාසලද ප්‍රදේශයේ ප්‍රධාන ස්ථානයකට පත්ව ඇත. තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය සමඟ මනා සහයෝගයකින් කටයුතු කරන අතර දම්සරණී පොසොන් උදානය සමඟ ආරම්භයේ සිටම සම්බන්ධ වී කටයුතු කරමින් දම්සරණී සංවිධානය දියුණු කිරීමට ද සමත් විය. ප්‍රදේශයේ අන්‍ය ආගමික නායකයින් සමඟ එක්ව සියලු ජාතීන් අතර සුහදතාවය ඇති කිරීමට ද කටයුතු කරති.

තම පැවිදි සහෝදර හත්නාපිටියේ පියදස්සී, වියලගොඩ අස්සජි හිමිවරුන් ද ප්‍රදේශයට ඉමහත් ආගමික හා සමාජ සේවාවන් රාශියක් ඉටු කරන අතර පැවිදි ශිෂ්‍ය ඉලුක්පිටියේ චන්ද්‍රානන්ද හිමියන් පිරිවෙන් විභාගයෙන් සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය දිනාගත් අතර දැනට බුළුුගහපිටිය පිරිවෙන් ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරති.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]