UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බොදු සාරධර්ම සුරකිමු

කාමභෝගී ගිහියාට වස්තුව, සැප සම්පත් ඉපයීමේ අවසරය බුදු දහමෙන් ලබා දී ඇත. ඇතැම් අවිචාරවත් විචාරකයන් සූත්‍ර දේශනා කිහිපයක් මත පදනම් වූ බුදු දහම සර්ව අසුබවාදයක් ලෙසට නිර්වචනය කර ඇත. ඔවුන් එම සූත්‍ර දේශනා කිහිපයක් මත පදනම් ව බුදු දහම සර්ව අසුබවාදයක් ලෙසට නිර්වචනය කර ඇත.ඔවුන් එම සූත්‍ර කිහිපයවත් ගැඹුරින් අධ්‍යයනය කර නොමැති බව කරුණු සලකා බැලීමේ දී පෙනේ. ගිහියාට වස්තුව, සැප සම්පත් ආදිය ඉපයීමට අවස්ථාව බුදු දහමෙන් ලබා දී ඇතත් එහි සීමාවන් දක්වා ඇත. ඒ වචන දෙකකිනි. එනම් ධාර්මික බව හා නිවැරැදි බවයි. යමෙකු ධනය ඉපයිය යුත්තේ ධාර්මික ක්‍රමයකිනි. එනම් ධාර්මික රැකියාවකිනි. එසේම එය නිවැරැදි ද විය යුතු ය.වර්තමානය වන විට ජනතාව තුළ ඉපයීමේ උනන්දුව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. එයට හේතුව ජනගහනය වර්ධනය වීමත් ඒ තුළ පරිභෝජනය ඉහළ යාමත් ය. මෙය සැබැවින්ම පොදු ධර්මතාවයකි. එසේ ම ඉපයීම, පරිභෝජනය යන කරුණු සමඟ ම මිනිසුන් තුළ ගුණ ධර්මයන්ගේ විශාල හීන වීමක් ද දක්නට ලැබේ. ගිහියාට අවශ්‍ය නම් ඕනෑ තරම් වස්තුව ඉපයිය හැකි ය. එයට බාධාවක් නැත. නමුත් ධනය උපයන ක්‍රමය ධාර්මික මෙන් ම නිවැරැදි ද විය යුතු ය. යම් ඉපයීමේ මාර්ගයක් ධාර්මික වූ පමණින් එය නිවැරැදි වන්නේ නැත. යමක් නිවැරැදි වූ පමණින් ධාර්මික වන්නේ ද නැත. එම නිසා බෞද්ධ ගිහියා යමක් උපයන විට තමන් කරන රැකියාව හෝ ජීවනෝපාය මාර්ගය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු ය.

ඉතිරිය»

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]