UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නවම් පෝදා පින්කම්

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ නවම් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. නවම් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමියෝ සංවිධානය කරති. පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, දර්ශනපති විජිතපුර ගුණරතන හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, උපෝසථය හා උපෝසථ අට්ඨාංග සීලය, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 10.30 බුද්ධ පූජාව දවල් 12.30 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹූරේ රේවත හිමි. පස්වරු 1.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ශාස්ත්‍රපති විල්ගමුවේ පියනන්ද හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, සහභාගීත්වය දර්ශනපති වැල්ලගිරියේ සීල සුමන හිමි, ශාස්ත්‍රපති, ඊ.එම්. ධර්මවර්ධන මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය.

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.0- 06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි ,06.30- 07.00 උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි .08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 09.00-10.00 පෙරවරු ධර්ම දේශනාව නාලන්දේ විමලසිරි හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, කොලොන්නාව ටෙරන් ද සිල්වා මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි 11.00- 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි,

පස්වරු 12.15- 02.00 සීල භාවනා සමිතිය , 02.00 -03.00 වෛද්‍ය දේශනය හෘද රෝග පිළිබඳ වෛද්‍යාචාර්ය අනුරාධපුරයේ ගුණවර්ධන මහතා 03.00 -04.00 පස්වරු ධර්ම දේශනාව බණ්ඩාරවෙල සාරද හිමි 04.00- 05.00 ධර්ම සාකච්ඡාව ,05.00- 06.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 -07.00 ගිලන්පස බුද්ධ පූජාව – ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 -08.00 සන්ධ්‍යා ධර්මදේශනාව හම්බෙගමුවේ ශාසනසිරි හිමි.

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව පෝදා දවස පුරා පැවැත්වේ.

පෙරවරු 06.15 -07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, බලපිටිය වැලිතර මහ කප්පින වලව්ව සීමා මාලක විහාරාධිපති, ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා ලේඛකාධිකාරි , රාජකීය පණ්ඩිත දර්ශනපති, බලපිටියේ සිරි සීවලී නාහිමි, 07.30 -09.45 ධර්මදේශනාව / භාවනාව පයාගල සුමනසාර හිමි, 10.00 -11.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත දර්ශනපති බලපිටියේ සිරි සීවලී නා හිමි, පස්වරු 01.00-02.45 ධර්ම දේශනාව හිපන්කන්දේ පඤ්ඤාසාර හිමි, 03.00 -04.30 ධර්ම දේශනාව, තපෝවනයේ පියශාන්ත හිමි, 04.45 -06.00 ධර්මදේශනාව , සිල් පවාරණය හා අලුත් කිරීම, දිවුලානේ මනිරතන හිමි, 06.15 -07.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ බෝධි පූජාව (පටිගත කරන ලද) 7.10 -8.30 ධර්ම දේශනාව ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 

 

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 06.00 -07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි 08.00- 09.15 ගිහි දේශනාව – ශාස්ත්‍රවේදී පණ්ඩිත ආචාර්ය ෂේන් බ්ලොක් මහතා 09.15 -09.45 සතිපට්ඨාන සූත්‍ර දේශනාව – වජිරාරාමවාසී පැරකුම්පුර විශාරද හිමි, 09.45 – 11.15 භාවනාව , අනුශාසනාව හා බුද්ධ පූජාව – සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤානරුචි හිමි, පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත් – සිරි වජිරාරාමාධිකාරි , සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 -02.30 ධර්ම සාකච්ඡාව, සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධාන ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00 -04.00 භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 04.00 -05.00 ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත හිගුරේ පඤ්ඤාසේකර හිමි, 05.00 -06.00 ධර්මානුශාසනාව – කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මහාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 06.00 -06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම – සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 -7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 -9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00 -10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති උතුරාවල ධම්මරතන හිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව – ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25- 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 -3.00 වෙසෙසි දෙසුම – කථිකාචාර්ය හසන්ත ඩබ්.සමරසිංහ මහතා 03.00 -4.00 ධර්ම දේශනාව බොරලන්දේ වජිරඤාණ හිමි, 4.15 – 5.00 ධම්මපදය පණ්ඩිත උල්ලිඳුවාවේ විනයධම්ම හිමි 5.00 -6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කිඹිඇල කස්සප හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව නුගේගොඩ ශ්‍රී විමලාරාමාධිපති ශාස්ත්‍රපති අළුයටවල විමලධම්ම හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව ඕමාරේ සුදස්සි හිමි, පැල්මඩුල්ලේ සුගතවංශ හිමි පස්වරු 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානි හිමි, කුරුණෑගල රතනසීහ හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 3.00 – 3. 45 ධර්ම දේශනාව 4.00 – 5.00 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන හිමි, 5.00 – 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි,

 

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනය, 8.15 – 10.00 භාවනාව මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනය මොරාවත්තේ සුබෝධි මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති වලපනේ ඤාණසේන මාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති තෙරිපැහැ මේධංකර මාහිමි, 5.00 – 6.00 ධර්ම දේශනය දොරොව්වේ ඤාණරතන මා හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.

තෙලවල විජය රූපාරාම ධර්මායතනය

මොරටුව කටුබැද්ද තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පොහෝදින වැඩසටහන පැවැත්වේ.

අලුයම 5.30 ට – කිරිපිඬු දානය සහිත පෙරහර 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන්කරවීම සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 – 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00 – 10.40 ජාතක කථා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 10.45 – දවල් අටවිසි සම්බුද්ධ පූජාව

පස්වරු 12.30 -2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා ,2.15 -3.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි, 3.15 – 4.00 භාවනාව, දම්පහළ ඤාණරතන නාහිමි, 4.00 – 5.00 පිරිත් සජ්ඣායනාව ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 5.00 සිල්පවාරණය සිදුකිරීම 6.30 – 7.30 අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව දම්පහළ ඤාණරතන නාහිමි

බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය – කටුබැද්දේ පදිංචි ඡ්‍යොතිෂවේදී සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැළ විසිනි.

සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන වැලිතොටුවවත්ත සංකල්ප විහාරයේදී පෝදා දවසපුරා පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 5 කිරි ආහාර බුද්ධ පූජාව, 6 සිල්දීම සහ අනුශාසනාව උග්ගොඩ ධම්මින්ද හිමි, 8 ධර්ම දේශනාව පූල්කණ්ඩිකුලමේ රතනසිරි හිමි, 9 ධර්ම දේශනාව මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි හිමි , පස්වරු 3 .00 පිළියන්දල සංඛපාලි මෙහෙණින් වහන්සේගේ ධර්ම දේශනාව, රාත්‍රී 7.00 අටවිසි ගිලන්පස බුද්ධ පූජාව විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමිගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව එම පින්කම සංවිධානය කර ඇත.

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි දුරුතු පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන්, විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාම ධම්මසාර, වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

බොරැල්ලේ ගෝතමී පුරාණ විහාරය

බොරැල්ලේ ඓතිහාසික පුරාණ ගෝතමී මහා විහාරස්ථානයේ නවම් පොහෝදා සීල සමාදානය විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. පෙරවරු 6.00 ශීල සමාදානය, 6.30 සම්බුද්ධ පූජාව හා අනුශාසනාව කිතුල්වත්ත එෆ්.ආර්. සේනානායකාරාමාධිපති ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනාව පණ්ඩිත ඉසුරුගම ධම්මතිලක හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදා දීම, හසිත දියබලනගේ සහ තිලංග දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත මුරුතවෙල සීවලී හිමි, 11.00 සම්බුද්ධ පූජාව පස්වරු 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් පවත්වනු ලබන දේශනය ආචාර්ය මල්ලිකා කරුණාරත්න මහත්මිය, 1.30 ධර්ම දේශනාව මරදාන සංඝමිත්තාරාමාධිපති ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමි, 3.00 ධර්ම දේශනාව පණ්ඩිත වෑබොටුවේ පඤ්ඤානන්ද හිමි, 4.30 අටවිසි බුද්ධ පූජාව සහ පිරිත් සජ්ඣායනාව තෙල්වත්තේ නාගිත හිමි, 6.00 සිල් පවාරණය.

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශී‍්‍ර ජයශේඛරාරාමයේදී නවම් පුරපසළොස්වක පොහෝදා, ශීල.භාවනා ධර්ම දේශනා මාලාවක්. ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරි මහින්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 -6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 -7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි 8.00 -9.00 භාවනාව ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15-10.15 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රජවත්තේ වප්ප නාහිමි 10.30-11.00 දවල් සම්බුද්ධ පූජාවපස්වරු 12.15 -12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාම විහාරවාසී, ස්වාමීන් වහන්සේලා 1.00 -2.00 මාසික රැස්වීම 2.15 – 3.15 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, 4.30- 5.30 ධර්ම දේශනාව 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි 6.45 -7.45 සවස ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.00-7.00 සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි නාහිමි, 9.00 -9.30 භාවනාව , 9.30 – 10.30 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි 10.30 – 11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 12.15 – 1.00 පින් අනුමෝදනාව සහ ධම්මචක්කපවත්තන සූත්‍රය 1.00- 2.00 ධර්ම දේශනාව, කැලණියේ අජිත හිමි, 2.00- 3.00 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද හිමි. 3.30 -5.00 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකු ස්වාමින් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.00 කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සිල් පවාරණය, 6.00 ඖෂධ 108 යුක්ත සම්බුද්ධ පූජාව.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී නවම් පුන් පොහෝ දින විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී ස්වාමීන් වහන්සේ නමක් 9.30 – 10.30 දහම් දෙසුම දෙමටගොඩ අනෝමදස්සී හිමි 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම බත්තරමුල්ල සිරි සුදර්ශනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි 2.15 – 3.00 ධම්ම පදය, 3.00 – 5.00 මැදවච්චියේ ධම්මසිරි හිමියන් මෙහෙයවනු ලබන භාවනා වැඩසටහනකි. සවස 6.00 සිට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]