UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ශාසනික වශයෙන් අනුස්මරණීය වූ නවම් පුර පසළොස්වක

 

අද නවම් පුරපසළොස්වක පොහොය දිනය යි. බුද්ධ ශාසනයේ මෙවන් පොහෝ දිනක දී ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වී ඇත.  1බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝ සම්මේලනය රජගහනුවර වේළුවනාරාමයේ දී පැවැත්වීම, සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා සම්බුදු සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හැරීම යනු එකී වැදගත් සිද්ධි කිහිපයකි. මෙනිසා බෞද්ධයන් හට මෙම නවම් පොහොය දිනය ශාසනික වශයෙන් අනුස්මරණීය දිනයකි. අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රධානයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු මහා සංඝයා විෂයයෙහි ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලදී. ඕවාද යනු අවවාද යන්නයි. බුද්ධත්වයෙන් මුල් විසිවස අවසන් වන තුරු ශ්‍රාවකයන් හට විනය ශික්ෂාපද පැනවීමට හෙවත් ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට තරම් ප්‍රබල වරදක් සංඝයාගෙන් විද්‍යමාන නොවී ය. එබැවින් සංඝයාගේ හික්මීම පිණිස ඕවාද හෙවත් අවවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් වුණි. මෙහි දී අවවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි.

ඉතිරිය»

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]